batik face mask

අජිත් පැරකුම් ජයසිංහ

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව රජය පවසයි.

Translations by Creative Content Consultants

රාජ්‍ය අමාත්‍යාංශ විෂය බෙදා ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතැමෙකු හිනා වුණත්, එහි කිසියම් විද්‍යාත්මක පදනමක් ඇතැයි අපි මුලින් සිතුවෙමු. එහෙත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් අ‍ගෝස්තු 17දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව පිළිබඳ ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිනුමෙහි සඳහන් කර තිබෙන කරුණු අනුව එවැනි දැක්මක් ඇති බව පෙනෙන්නේ නැත.

විෂය පථය සමාලෝචනයට ලක් කරනු ලැබුවේ දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමති ධුරය හොබවන බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන අමාත්‍යාංශයේ ය.

“බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු පැමිණ සිටි අයට පැහැදිලි කරනු ලැබීය. කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැක,” යි ජනාධිපතිවරයා සටහන් කරයි.

“ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වේ,” යනුවෙන් ද එම ෆේස්බුක් සටහනෙහි සඳහන් වේ.

අප දන්නා ආකාරයට නම් බතික් හා අත්යන්ත්‍ර රෙදි යනු රෙදි හා ඇඟලුම් වෙළඳපොළෙහි යම් විශේෂිත සුළු කොටසක් පමණි. බතික් යනු ප්‍රධාන වශයෙන් ම අපනයන වෙළඳපොළ හා සංචාරක කර්මාන්තය ඉලක්ක කළ නිෂ්පාදනයකි. අත්යන්ත්‍ර රෙදි ද එවැනි ය. මේවා මෝස්තර හා ඇඳුම් නිර්මාණයෙහිදී වැදගත් වන මුත් ලංකාවේ වර්තමාන සාමාන්‍ය භාවිතය සඳහා එතරම් යෝග්‍ය නැත. මිළෙන් ද ඉහළ ය.

බතික් හා ඩොලර් බිලියන පහක් රටට ගෙනෙන ඇඟලුම් කර්මාන්තය යනු එකක් නොවේ. ඒ දෙකෙහි සංදර්භයන් සම්පූර්ණයෙන් ම වෙනස් ය. බතික් හා අත්යන්ත්‍ර රෙදිවලින් ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. මේ දෙක එළ හරකා හා මී හරකා වැනි ය. එක වගේ පෙනුනාට සත්ව වර්ග දෙකකි.

රජයේ මුල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රජය විසින් මේ වන විට දැඩි ලෙස ආනයන සීමා කර තිබේ. ඇඳුම්, ටයි, සපත්තු, තොප්පි ආදිය ආනයනය කිරීම තහනම් ය. ඒ අතර ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය ද තහනම් කර තිබෙන නිසා අපනයන ඇඟලුම් කර්මාන්තශාලා දුෂ්කරතාවලට මුහුණ දෙයි. උදාහරණයක් ලෙස හැංගර් සහ හැංගර් ක්ලිප් ආදිය පවා ආනයනය තහනම් කර තිබේ.

මේ වන විට ඇඟලුම් කර්මාන්තයට ඇණැවුම් ලැබීම ආරම්භ වී තිබෙන මුත්, ආනයන සීමා නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම දුෂ්කර වීමෙන් කලට වේලාවට ඒවා සැපයීම දුෂ්කර වී තිබෙන බව කර්මාන්ත මෙහෙයුම්කරුවෝ මැසිවිලි නගති.

ශ්‍රී ලංකාවේ තරගකරුවන් වන වියට්නාමය වැනි රටවලට මෙම සිල්ලර අභියෝග නැත.

කෙසේ වෙතත්, දේශීය ඇඟලුම් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු වීම නරක දෙයක් නොවේ.

“බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද මම එහිදී උපදෙස් දුන්නෙමි. එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකිය,” යි ජනාධිපතිවරයා සටහන් කරයි.

එහෙත්, රජයට ආර්ථිකය නගාසිටුවීම සඳහා නවෝත්පාදන අදහස් හිඟ බව පැහැදිලි ය. පහත දැක්වෙන ආකාරයේ සටහන් ජනාධිපතිවරයා තබන්නේ ඒ නිසා ය:

“සළුසළ” වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි.

Translations

2 thoughts on “ආණ්ඩුවේ දැක්මක් නැතිකම පෙන්වන ජනාධිපතිගේ අමාත්‍යාංශ විෂය පථ සමාලෝචන

  1. ඇඳුම මහගන්න පුලුවන් රටේ හැඟර්ස් හදාගන්න බැරි ඇයි කියන එකත් ප්‍රශ්ණයක් තමා..සළුසළෙන් වෙළඳපොළ හදනකං බලන් හිටියොත් ආණ්ඩුවට සළු නැතුව තමයි යන්න වෙන්නේ. පෞද්ගලික ආයතන හරහා නවීන මාර්කටින්ග් ස්ට්‍රැටෙජීස් පාවිච්චි කරලා යුරෝපීය වෙළඳපොල ටාගට් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වෙයි. දයාසිරිගෙ වැඩ බාරගැනිල්ලට, වයිෆ් බතික් සාරියක් ඇඳගෙන පැමින සිටීම පොසිටිව් සයින් එකක්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.