Social distancing

ඔබට කොරෝනාදැයි සැක සිතේ නම් කළ යුත්තේ කුමක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඇසුරෙනි

වෙනදා අප ගණන් නොගන්නා හෙම්බිරිස්සාව, කැස්ස, කිවිසුම් යාම, මඳ උණ, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණයක් ඇති වුණාම අප හැම කෙනෙකුට ම දැන් යම් බියක් දැනෙනවා. තමන්ටත් කොවිඩ්-19 වැළඳී තිබේදැයි සැක සිතෙනවා. ඇඳිරි නීති, ලොක්ඩවුන් තිබුණත්, අප හැම කෙනෙකුම යම් දුරකට හෝ සමාජ සම්බන්ධතා පවත්වා තිබෙනවා. ඒ නිසා මේ ලිපිය කියවා අවබෝධ කරගන්න. කලබල නොවී සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.

Translations by Creative Content Consultants

සිදු විය හැකි දේ පිළිබඳ කල්තබා අනාවැකි කිව නොහැකි හෙයින් අලුත් ම ප්‍රවෘත්ති නිරතුරුව ම හදාරන්න.  මහජනතාවට ආරක්ෂාව සඳහා පියවර ගත හැකි වන පරිදි නිල වශයෙන් තහවුරු කරන ලද තොරතුරු ලබාදීම රජයේ වගකීමක්. එහෙත්, කටකතා, සමාජ මාධ්‍ය පළකිරීම් ආදිය නිල වශයෙන් තහවුරු වී නැතිනම් විශ්වාස කරන්න එපා.

සරල ආරක්ෂණ ක්‍රියාමාර්ග ඔස්සේ ඔබට කොවිඩ්-19 ආසාදනය වීම හෝ ඔබගෙන් එය ව්‍යාප්ත වීම හෝ සඳහා ඇති ඉඩ පාලනය කරගත හැකි ය. 

මධ්‍යසාර මගින් සාදන ලද ද්‍රාවණයක් හෝ සබන් හා වතුර හෝ භාවිතා කර නිරතුරුව ම ඉතා හොඳින් දෑත් සෝදන්න. එසේ කිරීමෙන් ඔබගේ දෑත්වල තිබිය හැකි වයිරස විනාශ කරනු ලැබේ.

ඔබ සහ කැස්ස හෝ කිවිසුම් යාම ඇති ඕනෑම අයෙකු අතර අඩු වශයෙන් මීටර් එකක හෙවත් අඩි තුනක පරතරයක් තබාගන්න.  

ඒ ඇයි? යම් කිසිවකු කහින හෝ කිවිසුම් යවන විට එම පුද්ගලයා විසින් තම නහයෙන් හෝ මුඛයෙන් කුඩා දියරමය බිංදු ඉසිනු ලැබේ. ඔබ උවමනාවට වඩා සමීපයෙන් සිටියහොත්, ඔබ එම බිංදු පොඩිති ආශ්වාස කළ හැකි ය. වයිරසය ආසාදිත පුද්ගලයකු කහින විට පිට වන බිංදු පොඩිතිවල වයිරසය පැවතිය හැකි ය. 

🚫 ඇස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් වළකින්න. ඒ ඇයි? අත්වලින් බොහෝ මතුපිටවල් ස්පර්ශ කරන නිසා එහි වයිරසය ඇලී පැවතිය හැකි ය. එවැනි අත්වලින් වයිරසය ඔබේ ඇස්, නාසය හෝ මුඛය වෙත යා හැකි ය. වයිරසය එහි සිට ඔබගේ ශරීරයට ඇතුළු වී ඔබ රෝගාතුර විය හැකි ය. 

ඔබට අසනීප ගතියක් හෙවත් හිසරදය, පහළ උණ තත්වයක්, මඳ වශයෙන් නාසයෙන් සොටු දියර ගැලීමක් වැනි සුළු රෝග ලක්ෂණ හෝ තිබේ නම්, නිවසේ සිට ස්වයං නිරෝධායනය වන්න.

යම් කිසිවකු ඔබ වෙත සැපයුම් රැගෙන ඒම හෝ ආහාර මිල දී ගැනීම වැනි දෙයකට ඔබ පිටතට යාම අත්‍යවශ්‍ය නම්, වෙනත් අයට ආසාදනය වීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පළඳින්න.  

හරියට මාස්ක් දාන හැටි මෙම ලිපියෙන් කියවන්න >>

නිවසේ රැඳී සිටින්න. ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව තිබේ නම්, කල් තබා වෛද්‍ය උපදෙස් ලබාගන්න. සෞඛ්‍ය සත්කාර සම්පාදකයාට ඔබ මෑතදී ගමන් බිමන් ගිය තැන් පිළිබඳ අනිවාර්යයෙන් ම පවසන්න. ඔබගේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන් විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න. මෑතදී ඔබට ගමන් බිමන් පහසුකම් සැපයූ අය ඉක්මණින් අමතා පවසන්න. ඔබ සමග ගමන් කළ සෙසු අයට දැනුම් දෙන්න.

මිනිසුන් සමග ස්පර්ශය අවම කිරීම සහ මීටරයක හෙවත් අඩි තුනක පරතරයක් පවත්වාගැනීම කොවිඩ්-19 පැතිරීම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය ය. ඔබ තරුණ හා සෞඛ්‍ය සම්පන්න අයෙකු වුණත්, ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා ආසාදනය රැගෙන යන අය විය හැකි බව අවබෝධ කරගැනීම වැදගත් ය. සමාජ පරතරයන් පවත්වා නොගැනීමෙන් ඔබ සහ අවදානමට ලක් වීමට වැඩි ඉඩක් තිබෙන වෙනත් අය වැඩි අවදානමකට ලක් වේ. 

පහත දැක්වෙන ක්‍රියා කොවිඩ්-19 හමුවේ යෝග්‍ය නැති අතර එමගින් හානි ද සිදු විය හැකි ය. 

🚭 දුම්බීම

😷 මුඛ ආවරණ කිහිපයක් පැළඳීම

💊 ප්‍රතිජීවක ඖෂධ ගැනීම

1390 යනු කොවිඩ්-19 සම්බන්ධ තොරතුරු සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් ම ලබාගැනීම සඳහා භාෂා තුනෙන් ම ක්‍රියාත්මක වන ඍජු දුරකථන අංකයකි. භෞතිකව රෝහලට හෝ සායනයට නොගොස් වෛද්‍යවරුන් වෙත ප්‍රවේශය ලබාගැනීමට මෙය භාවිතා කළ හැකි ය. 

එසේම, දුරකථන අංක 1990 මගින් හදිසි ගිලන් රථ සේවාවට සම්බන්ධ විය හැකි ය. 

Translations