සාර්ථක වූ බව කියන ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නතේ ඇත්ත කතාව

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද පර්යේෂණය බලාපොරොත්තු ඇති කරන මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා විය.
මේ පිළිබඳ The Lancet නම් වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද වාර්තාව අනුව, මෙම එන්නත මගින් වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ සහ ටී සෛල ප්‍රතිශක්ති ප්‍රතිචාර නිර්මාණය කර තිබේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් දිගු කලක් මෙම වයිරසය මතක තබාගැනීමයි.
ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිර්මාණය කරනු ලබන කුඩා ප්‍රෝටීන වන අතර ඒවා වයිරසයේ මතුපිටට බලපායි. එහෙත්, වයිරසය විසින් මෙම ප්‍රතිදේහ නිශේධ කළ හැකි ය.
ටී සෛල යනු සුදු රුධිරාණු විශේෂයක් වන අතර එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආසාදනය වූ සෛල හඳුනාගෙන ඒවා විනාශ කළ හැකි ය.
ඵලදායී එන්නතක් මගින් ප්‍රතිදේහ ප්‍රතිචාර මෙන් ම, ටී සයිල ප්‍රතිචාර ද ගොඩනගනු ලැබේ.
මෙම පර්යේෂණයේදී ටී සෛල ප්‍රතිචාර මට්ටම දින 14කදී උපරිමයට පැමිණි අතර ප්‍රතිදේහ ප්‍රතිචාර මට්ටම දින 28කදී උපරිම විය.
කෙසේ වෙතත්, මෙම එන්නත මගින් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි වේ ද යන්න තහවුරු වන්නේ මේ වන විට ආරම්භ වී තිබෙන තුන්වන අදියරේ පරීක්ෂණවලින් පසුව ය. මෙම එන්නතෙහි ඵලදායිතාව ඇගයීම සඳහා SARS-CoV-2 ලෙස සායනිකව නම් කර තිබෙන මෙම වයිරසය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන අවශ්‍ය බව පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ ඇන්ඩෘ පොලඩ් පැවසී ය.
එන්නත පරීක්ෂා කිරීමේ දෙවෙනි අදියරේදී එය ලබාදුන් පිරිස අතරින් දින 56කට පසුව කරන ලද පරීක්ෂණවලදී ප්‍රතිදේහ වාර්තා කරගෙන තිබේ. මෙම එන්නත මගින් පාලනය කරන ලද තත්වයක් තුළ කොවිඩ්-19 ආසාදනය ඇති කරන ලද අතර, එමගින් පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයාට ඇති වූයේ සුළු අතුරු විපාක ප්‍රමාණයක් පමණි.
මේ වන විට බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඉදිරියේදී එක්සත් ජනපදය යන කොවිඩ්-19 අධික ව්‍යාප්තියක් ඇති රටවල කරනු ලබන තුන්වන අදියරේ පරීක්ෂණය සඳහා 30,000ක් පමණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් යොදාගනු ලැබේ. එම රටවල ආසාදනය ව්‍යාප්ත වීමේ වේගය අඩු වුවහොත්, මෙම පර්යේෂණ අදියර සඳහා වැඩි කාලයක් ගත විය හැකි ය. මෙම කාලය මාස දෙකේ සිට හය දක්වා වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.
මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ජානමය වශයෙන් වෙනස් කර දුර්වල කරන ලද චිම්පන්සි සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක් වන අතර එමගින් කොරෝනා වයිරසයේ ප්‍රෝටීන් ශරීරයට ඇතුළු කර ප්‍රතිදේහ ගොඩනගනු ලැබේ.
AstraZeneca සමාගම විසින් මෙම එන්නත සාර්ථක වුවහොත් එයින් එන්නත් බිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විටත්, ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන්, යුරෝපා සංගමයෙන් සහ එක්සත් ජනපදයෙන් ඇණවුම් මිලියන ගණනක් සිදු වී තිබේ. බ්‍රිතාන්‍යය පමණක් එන්නත් මිලියන 100ක් ඉල්ලා තිබේ.
මේ වන විට මෙවැනි තවත් එන්නත් 22ක් මිනිසුන් යොදාගෙන පරීක්ෂා කරන මට්ටමට පැමිණ තිබෙන අතර, තවත් 140ක් විද්‍යාගාර මට්ටමේ ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වන විට චීනය විසින් එන්නතක් තම යුද හමුදා වෙත ලබා දීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන - TOPnews.LK on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018