කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු

කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් නොකරන බවට ඇතැම් ආරක්ෂක හා සෞඛ්‍ය නිලධාරීන් චෝදනා කරනු දැකිය හැකිය.
රෝගීන් අපරාධකාරයන් පිරිසක් වුවත්, මානව හිමිකම් පිළිගත් රටක් වන ශ්‍රී ලංකාවේ ඔවුන් කකුල් දෙකෙන් එල්ලා මූණ යටින් මිරිස් පුච්චා ඇත්ත කියපියව්, නැතිනම් මරනවා යි තර්ජනය කරමින් හෝ බංකුවක් උඩ බාවා මහත පොලිස් නිලධාරීන් හතර පස්දෙනෙකු ඇඟ උඩ වාඩි වී දිග බැටන් පොල්ලකින් යටි පතුල්වලට තලමින් හෝ ආශ්‍රිතයන් ගැන ප්‍රශ්න කරන්නට බැරිය.
ඒ නිසා, තමන් විසින් නිෂ්පාදනය නොකරන ලද හා තමන් විසින් චීනයෙන් හෝ වෙනත් රටකින් විශේෂයෙන් ඇණවුම් කර ඊබේ හරහා ගෙන්වා නොගත් වයිරසයක් ආසාදනය වූ රෝගීන් ගැන මුන් ඇත්ත කියන්නෙ නැහැ කියන්නට හෝ අපට දෙන්න අපි ඇත්ත එළියට ගන්නන් කියන්නට හෝ කොයිම ආරක්ෂක ලොක්කෙකුටවත් බලයක් නැත.
ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි.
ඕනෑම පුද්ගලයකුට පෞද්ගලික මෙන්ම නීති විරෝධී නොවන රහස්‍ය ජීවිතයක් ද තිබීමේ අයිතියක් තිබේ. එවැනි කරුණු හෙළිදරව් කිරීම තනිකරම ස්වේච්ඡාවෙන් සිදුවිය යුතුය. ආරක්ෂක අංශවලට එම කරුණු සොයන්නට අවශ්‍ය නම් රහස් ඔත්තු උපක්‍රම භාවිතා කළ හැකිය. එසේ සොයාගන්නා තොරතුරු අනුව රහසිගතව හා පෞද්ගලිකත්වයන් ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා විනා මාධ්‍යවලට පැමිණ කට රවුං කරමින් රස කතා කියන්නට කාටවත් අයිතියක් නැත.
මේ සරල යථාර්ථය නොතේරෙන තරමට මේ කිසිදු නිලධාරියෙකු සුද්ධවන්තයකු නොවන බව ද අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.
Related News
2 thoughts on “කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- admin on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Ranjith Adikaram on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- Weerasinha on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Kaage kaageth killotawala yantham ho hunu thibiya heka