කොවිඩ්-19 පරීක්ෂණ මදි; වැඩි කරන්න – වෛද්‍ය සංගමය

කොවිඩ්-19 හඳුනාගැනීම සඳහා වර්තමානයේදී සිදුකරන පරීක්ෂණය ප්‍රමාණවත් නොමැති නිසා RT-PCR හෙවත් Reverse Transcription Polymerase Chain Reaction නම් පරීක්ෂණය වැඩි කළ යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් ලියමින් පවසයි.
වර්තමානයේ භාවිතා වන කොවිඩ්-19 හඳුනාගැනීමේ මෙවලම පදනම් වන්නේ ගමන් බිමන් ඉතිහාසය, ආශ්‍රය ඉතිහාසය සහ රෝග ලක්ෂණ මතයි. ඇතැම් රෝගීන් විවිධ හේතු නිසා සිතාමතා ම මෙම ඉතිහාසයන් සඟවන බව හා ඇතැම් විට රෝග ලක්ෂණ නොමැති රෝගීන් ආසාදනය පතුරුවන බව ද, එම නිසා එම පරීක්ෂණ මෙවලම සාර්ථක නැති බව ද එම සංවිධානය පවසයි.
මීගමුවේදී මියගිය කොවිඩ්-19 රෝගියා මෙම මෙවලම ඇසුරෙන් රෝග විනිශ්චය කරනු ලැබුවේ ආසාදනය සඳහා අඩු අවස්ථාවක් තිබුණු අයකු ලෙස බව ද එම ලිපියේ පෙන්වා දෙයි.
මෙම පරීක්ෂණ මෙවලමෙහි තිබෙන අඩුපාඩු හේතුවෙන් සෞඛ්‍ය සේවකයන්, රෝහල්වල රෝගීන් ඇතුළු විශාල පිරිසක් වයිරසයට නිරාවරණය වීමේ අවදානමක් තිබේ.
RT-PCR පරීක්ෂණය සඳහා දැනට යොදාගෙන තිබෙන උපකරණවලට වඩා වැඩි සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල, පර්යේෂණායතන, කෘෂිකාර්මික ආයතන, සත්ව වෛද්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ඒවා සහ අවශ්‍ය නම් ආනයනය කරගත් අලුත් උපකරණ ද සම්බන්ධ කරගනිමින් යෝග්‍ය පරිදි රට පුරා බෙදාහරින ලද, ප්‍රමිතිගත කොවිඩ්-19 රසායනාගාර ජාලයක් පිහිටුවා මධ්‍යගතව අධීක්ෂණය කරන ලෙස ද එම සංවිධානයඉල්ලා සිටියි.
දැනට ශ්‍රී ලංකාව විසින් RT-PCR පරීක්ෂාව කර තිබෙන්නේ ප්‍රජාවෙන් 7,700කට එක් අයෙකුට පමණක් බව ද එම ලියුමෙහි පවසයි.
වයිරසය පැතිරීම සම්බන්ධයෙන් හඳුනාගන්නා ලද ප්‍රදේශවලට ගොස් පරීක්ෂණය සිදු කර රෝගීන් කෙළින් ම කොවිඩ්-19 සඳහා වෙන් කරන ලද රෝහල් වෙත යැවීමට දැනට සෞඛ්‍ය අංශ සැලසුම් කරමින් තිබේ.
පරීක්ෂණ කිරීමේ ධාරිතාව ඒ අන්දමින් පුළුල් කිරීමෙන් ශ්‍රී ලංකාවට මෙම සටනෙහි මීළඟ අදියර කරා යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
Recent Posts
Recent Comments
- admin on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Ranjith Adikaram on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- Weerasinha on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018