Government jobs in Sri Lanka

රජයේ සැලැස්මක් නැතිකම පෙන්වන ප්‍රතිපත්තියක් නැති රැකියා දීම

අජිත් පැරකුම් ජයසිංහ

2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු විසින් මතු කර දක්වන ලද්දේ රජයේ රැකියා දීමයි.

Translations by Creative Content Consultants

“නිපුණත්වයක් අවශ්‍ය නොවන ඇබෑර්තු පිරවීමේදී එම තනතුරු ලබා දිය යුත්තේ දුප්පත්කමින් පහළම මට්ටමේ ඉන්නා අයටයි.දුප්පත් කමින් ඉහලට ගන්නට නම් එම දුප්පත් පවුල්වලට නිපුනත්වයක් නොමැති ඇබෑර්තු ලබා දිය යුතු වන්නේ.එම පුරප්පාඩු සඳහා ඉහළ සුදුසුකම් ඇති අය පත් කල හොත් එකී කාර්යය නිසියාකාරව සිදු නොවේ. එනිසා පෙර පරිදි මෙන් නොව, ඒ ඒ පළාත්වල සෑම ප්‍රදේශයකටම සෑම මන්ත්‍රීවරයෙකුටම එම පුරප්පාඩු පිරවීම සඳහා සමාන අයිතියක් ලබා දිය යුතුයි. ජනාධිපති කාර්යයාලයට ඒ බව දන්වන ලෙස මෙහි දී සඳහන් කර සිටිනවා,” යි ඔහු එදින පැවසී ය. 

එහෙත්, රජයට රැකියා දීමේදී හෝ ප්‍රතිපත්තියක් ඇති බවක් පසුගිය මාස නවයක පමණ කාලය තුළ රජයේ ක්‍රියාකාරිත්වය අනුව නොපෙනේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය.
බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් අයට ප්‍රමුඛතාව දෙන බව කියූ මෙම මහා රැකියා ව්‍යාපෘතිය වෙනුවට දැන් ඉදිරියට පැමිණ තිබෙන්නේ උපාධිධාරීන්ට රැකියා 60,000ක් ලබා දීමේ වැඩසටහනකි.

දැන් පවසන ආකාරයට උපාධිධාරීන්ට රැකියා 60,000ක් ද දිළිඳු ජනයාට රැකියා 50,000ක් ද ලබා දීමට සැලසුම් කර තිබේ.

අ.පො.ස. උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් නොලද පිරිස අතරින් ගුරු සහායකවරුන් 50,000ක් දීමනාවක් හා පොළී රහිත ණයක් මත පදනම්ව අලුතෙන් බඳවා ගන්නා බව ද, ඔවුන් ළඟම ඇති ගුරු විද්‍යාලයට සම්බන්ධ කර පුහුුණු කරන බව ද, ඔවුන් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පන්තිවල ගුරු සහායකයන් ලෙස සේවයේ යොදවන බව ද 2019 දෙසැම්බර් 1දා එවකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පැවසී ය. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කීව ද එවැන්නක් ඉදිිපත් කළ බවට තොරතුරු නැත.

එහෙත්, ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය. දැන් මේ ගුරු සහායකයන් පිළිබඳ කතාවක් නැත.

මේ අතර රජයට අයත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය 450කට අධික සංඛ්‍යාවකට තම හෙංචයියන් පිරවීම සඳහා ඇමතිවරුන් දැන් සිටම මුලපුරමින් සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Translations