nuwaraeliya post office

තැපැල් කාර්යාල සෙනසුරාදා විවෘත කිරීම දිගු කලක සිට ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියකි. එම දිනයේ සේවය කරන තැපැල් සේවකයන්ට දීමනා ගෙවීම ඇතුළු වියදම් වෙනුවෙන් එක් දිනකට රුපියල් මිලියන 21 ක් වැය වන බැවින් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය සලකා සෙනසුරාදා දින තැපැල් කාර්යාල වසා දමන්නට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී   ජුනි 11දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසී ය.

Translations by Creative Content Consultants

කෙසේ වෙතත්, මේ වන විට එම තීරණය අහෝසි කර තිබේ. ජුනි 13 සෙනසුරාදා ද සාමාන්‍ය අන්දමින් තැපැල් කාර්යාල ක්‍රියාත්මක විය. රජයේ තීරණයට එරෙහිව සේවකයන් උද්ඝෝෂණය කළ අතර රජය තම තීරණය හකුළා ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය ද තීරණ ගැනීමේදී සාක්ෂි මත පදනම්ව එය නොකරන බව හා එසේ ගන්නා තීරණ ස්ථාවරව පවත්වා ගැනීමට තරම් එඩිතරකමක් හෝ දැක්මක් ආණ්ඩුවට නැති බව ද මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.

තැපැල් සේවාවදිගු කලක් තිස්සේ සෙනසුරාදා ද පවත්වාගෙන ගියේ එය අවශ්‍ය නිසා නම්, එය හිටිහැටියේ වසා දැමීමට පෙර එහි ඵලදායිතාව පිළිබඳ සැලකිලිමත් විය යුතුව තිබිණි.

වර්තමානය වන විට තැපෑලෙන් ලියුම් යැවීම සිදුවන්නේ ඉතා අඩුවෙනි. වැඩිපුර ම යවනු ලබන්නේ රාජකාරි ලිපි හා බිල්පත් ආදියයි.

තැපැල් සේවයට ප්‍රධාන විකල්පය වන්නේ ඊමේල් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2019 වසරේ මුල් මාස හයට අදාළව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ඩිජිටල් සාක්ෂරතාව තිබෙන්නේ 44.3%කට පමණි. කාන්තාවන් අතර ඩිජිටල් සාක්ෂරතාව අඩු ය. එසේම, ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් සාක්ෂරතාව ද අඩු ය. පරිගණක සාක්ෂරතාව පවතින්නේ 30.1%ක මට්ටමක ය.

සුහුරු දුරකථනයක් පාවිච්චි කිරීමේ හැකියාව ඇති අය පවා ඩිජිටල් සාක්ෂරතාව ඇති අය ලෙස සැලකේ. පරිගණක සාක්ෂරතාව තිබෙන්නට නම් යම් ආකාරයක පරිගණකයකින් ක්‍රීඩාවක් වැනි සරල දෙයක් හෝ කිරීමේ හැකියාව තිබිය යුතු ය.

සමාජයේ ඩිජිටල් හා පරිගණක සාක්ෂරතා වර්ධනය සෙමින් සිදුවන්නට ප්‍රධාන හේතුවක් වන්නේ පරිගණක, සුහුරු දුරකථන, අන්තර්ජාල සම්බන්ධතා, දත්ත භාවිතය ආදියෙන් අධික ලෙස බදු අය කිරීම හා ඒවායේ මිළ දරාගත නොහැකි වීමයි.

තැපෑල නවීකරණය කරන්නට බැරි වන්නට ප්‍රධාන හේතු අතරින් එකක් සමාජයේ පවතින මෙම තත්වයයි. තැපැල් සේවකයන්ගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාව පවා ගැටලුවකි. රට පුරා තැපැල් කාර්යාල කොතරම් තිබුණත්, මහජනයාට අවශ්‍ය ඩිජිටල් සේවාවක් හෝ ඒ සම්බන්ධ උපදෙසක් හෝ ලබාගත හැකි තැපැල් කාර්යාලයක් ලංකාවේ නැත.

තැපෑල නවීකරණය කිරීමට බොහෝ දේ කළ හැකි ය. පාසල් සිසුන් අතර රචනා තරගයක් පැවැත්වූවත් ඒ සම්බන්ධ අදහස් ඕනෑ තරම් ලබාගත හැකි ය.

මේ වන විට ලංකාවේ තැපැල් සේවය යනු එවැනි සේවාවක් පවත්වාගෙන නොයා යුතු ආකාරය පිළිබඳ උදාහරණයකි.

ආණ්ඩුවක් විසින් රට සංවර්ධනය කිරීම සඳහා මුල පුරනවා නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමයි. එය පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා නායකත්වයට දැක්මක් හා අධිෂ්ඨානයක් අවශ්‍ය ය. ආණ්ඩුව මේ පෙන්නන්නේ එය නැති බව ද?

Translations

1 thought on “තැපෑල හා රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ

  1. Lankaawe adtha wesena janagahanaye seahena pirisak Smart phones athathiwa sitiyath owun eawaa digital sanniwedanaya sandaha niweradi praayogikathwayak labaa netha . Ebevin thepela owunta awssay .
    Paadu labuwath gedarata mona magulak ho regena ena raajya niladaruwa wedagath aagamanayaki .
    Raajya niladaruwo ahinsakayange dorakotata eama owun ath dakina yam aadambarayaki.. thamoo samaajaya thula wedagath yai denena suwayaki . Ebevin thapal mahathwarun paadu pita ho niyameta pawathwagathayuthui . ( saamanya minihata wedak nethi kopamana sudu ali aanduwen nadaththu koranawada )

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: