oil palm

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර කරන බව පැවසීය.

කටුපොල් වගාව නතර කිරීමේ මෙම තීරණය කුමන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව ගත්තක්දැයි ජනාධිපතිවරයා හා රජය පැහැදිලි කළ යුතු ය.

Translations by Creative Content Consultants

කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනු ලොව එළවළු තෙල් නිෂ්පාදනයෙන් 40%කට යොදාගන්නා භෝගය බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අසෝක නුගවෙල 2020 ජනවාරි මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසී ය. ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එළවළු තෙල් මෙට්‍රික් ටොන් 240,000ක් පමණ පරිභෝජනය කරන බව ද, වසරක් පාසා එම ඉල්ලුම වැඩි වන බව ද ඔහු පැවසී ය. ඒ අතරින් ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණි. ඉතිරිය ආනයනය කෙරේ.

එළවළු තෙල් ආනයනයට දැඩි බදු පනවා තිබෙන නිසා එහි මිළ අධික ය. එහෙත්, එය තවමත් පොල්තෙල්වලට වඩා ලාභදායී ය.

කටුපොල් ශාඛය වසර 30ක් පමණ කල් පවත්නා ලාභදායී වැවිලි භෝගයකි. ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන අභියෝගයක් වන්නේ ශ්‍රම හිඟයයි. කටු පොල් අඩු ශ්‍රමයකින් කළමනාකරණය කළ හැකි වැවිලි භෝගයකි. එසේම, රබර් සම්බන්ධයෙන් පවතින උච්චාවචනයන් හේතුවෙන් මෑත යුගයේදී රබර් වතුවල කටු පොල් වගාව ව්‍යාප්ත විය.

ලොව පුරා ම කටු පොල් වගාව කෙරෙහි විරෝධයක් ඇත. එහෙත්, ඒ විරෝධයට මූලික හේතු වන්නේ වැසි වනාන්තර විනාශය, ඔරංඋටං වැනි වන සත්ව වර්ග සංහාරය, අධික කෘෂි රසායනික භාවිතය නිසා ජලය විෂ වීම, ශ්‍රම සූරාකෑම වැනි කාරණා ය. ජාත්‍යන්තර ව්‍යාපෘති සමග සම්බන්ධ සංවර්ධන විරෝධී රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ කටු පොල් විරෝධය ව්‍යාප්ත කරන ලදී.

ලෝකයේ විරෝධතාවන්ට හේතු වූ කරුණු අතරින් ලංකාවේ ප්‍රමුඛ වන්නේ කෘෂි රසායනික භාවිතයයි. ඊට අමතරව කටු පොල් වගාව නිසා ජල මූලාශ්‍ර සිඳී යන බවට විශාල ප්‍රචාරයක් ලාංකිකයන් අතර තිබේ. විරෝධය මතු වන ප්‍රධාන හේතුව එයයි. මිහිතලය උණුසුම් වීම, තේ වගාව වැනි හේතු නිසා ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර සිඳී යාමේ ප්‍රවණතාවක් පවතී. එයට කටු පොල් වගාව කෙතරම් දුරට දායක වී තිබේ ද යන්න පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් පිළිබඳ අපට දැනගන්නට නොලැබිණි.

1968දී ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය වත්තෙන් ආරම්භ වූ කටු පොල් වගාව මේ වන විට ශ්‍රී ලංකාවේ හෙක්ටෙයාර් 10,000ක පමණ භූමිභාගයක පැතිර තිබේ. කටු පොල් වගා කරන ප්‍රදේශවල තේ, රබර් වැනි භෝග ද වගා කරනු ලැබේ. ඒවාට ද අධික ලෙස කෘෂි රසායනික භාවිතා කරනු ලැබේ. විශේෂයෙන් තේ වගාව නිසා කඳු බෑවුම් සෝදා යාමේ හා නාය යාමේ බරපතල අවදානමක් තිබේ. සාපේක්ෂව ගත් කල, තේ වගාව කටු පොල් වගාවට වඩා හානිකර යයි සිතිය හැකි මුත්, කටු පොල් වගාවට තිබෙන විරෝධය තේ වගාවට නැත. කටු පොල් වගා කර තිබෙන බිම් ප්‍රමාණය තේ, රබර්, පොල් වගා කර තිබෙන බිම් ප්‍රමාණයෙන් 1%ක් පමණ වේ.

ලංකාවේ ඉඩම් හිමිකාරිත්වයේ ස්වභාවය අනුව කුඩා කටු පොල් වගාකරුවන් දුර්ලභ ය. කටු පොල් වගාව වැඩිපුර කරන්නේ වැවිලි සමාගම් විසිනි. මෙම කර්මාන්තය තුළ 13,000ක් සේවකයන් රැකියාවල යෙදී සිටින බව පාම් ඔයිල් කර්මාන්ත සංගමය පවසයි.

කටු පොල්වලින් හදන එළවළු තෙල් වෙනුවට පොල් තෙල් භාවිතා කළ හැකි ය. එහෙත්, පොල් තෙල් කටු පොල්වලට වඩා මිළ අධික නිසා පාම් තෙල්වලට විශාල ඉල්ලුමක් තිබේ. කටු පොල් එළවළු තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන එක් භෝගයක් පමණි. ඒ වෙනුවෙන් යොදා ගනු ලබන සෝයා බෝංචි වැනි වගාවන් හේතුවෙන් මීටත් වඩා පරිසර සංහාරයක් සිදු වේ.

කටු පොල් වගාව තහනම් කිරීම අලුත් තීරණයක් නොවේ. 2018 ඔක්තෝබර් 23දා කැබිනට් මණ්ඩලය විසින් කටු පොල් අලුතෙන් වගා කිරීම තහනම් කරන ලදී.

අපට තේරෙන හැටියට නම් කටු පොල් විරෝධයත් තවත් ජනප්‍රිය සංවර්ධන විරෝධයක් පමණි. කටු පොල් වගාව විනාශ කර දැමීමෙන් රටට කිසිවක් වන්නේ නැත.

<මෙම සබැඳියෙන් > ගොස් පාම් ඔයිල් පරිභෝජනය හා පාරිසරික ගැටලු පිළිබඳ යුරෝපා සංගමයේ අධ්‍යයන වාර්තාවක් කියැවිය හැකි ය.

Translations

3 thoughts on “ජනාධිපතිටත් ඇනුණු කටුපොල්

  1. Vidyathmakawa karanawaa yai uda damana boho wenaskam vidyathmakawa sidu nokirima kanagatudaayakaya .
    Barasaara lesa kiwwath , Vidyaathmaka kramaweadaya pilibandawa paalakayanta Upakaaraka panthi damaa ho igenviema yeheki .
    Issara magul gedara kathawaliye di praboo kenek ” Me manala joduwa gal wangediya haa ieyan molgahak meni ” kiwwalu .
    Ithin harine , dekama barasaarai . !

  2. Mang hithanne avidhimath lesa pol thel hindina mol karayan vikiniemata dena thelata wadaa katu pol thel sawkyaarakshithai kiyala.9

Leave comment

Your email address will not be published. Required fields are marked with *.