Old Distillery in Ceylon

කළුතර, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම වැනි වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව දැවැන්ත කෘත්‍රිම රා ජාවාරමක් සිදුවෙමින් පවතී. මෙම ජාවාරම පිළිබඳ වාර්තා කළ මාධ්‍යකරුවකු වන අලුත්ගම තුසිත කුමාර ද සිල්වාට ජාවාරම හා සම්බන්ධ මැර පිරිසක් විසින් පහර දී තිබේ.

Translations by Creative Content Consultants

සම්ප්‍රදායිකව පොල් ගස් මැදීමේ හා රා පෙරීමේ කර්මාන්තය සිදු වූ මෙම ප්‍රදේශවල දැන් එය සිදුවන්නේ නමට පමණි. අතුරුවල යා හැකි රා මදින්නන් හිඟය මෙන් ම, සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉඩම් වෙන් වීම, ගෙඩි පොල් සඳහා ඉල්ලුම වැඩි වීම වැනි හේතු ද එයට බලපා ඇත. එහෙත්, මෙම ප්‍රදේශයෙහි සිදු වන රා නිෂ්පාදනයේ නම් අඩුවක් නැත.

කෘත්‍රිම රා නිෂ්පාදනය සල්ලි අච්චු ගැසීම තරම් ලාභදායී ව්‍යාපාරයකි. එහි ලාභ රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට ද බෙදේ. එබැවින් මෙම ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. පසුගිය ජුනි 24දා කලුතරදී වටලන ලද මෙවැනි වූ නීති විරෝධී ස්කාගාරය සමග කළුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නම ගෑවී තිබිණි.

යූරියා (ඇමෝනියා), යීස්ට් වැනි රසායනික හා සීනි, කුණු වූ අර්තාපල් ආදිය ස්වාභාවික රා මංඩි සමග භාවිතා කිරීමෙන් කෘත්‍රිම රා නිෂ්පාදනය කරන බව වාර්තා වේ.

මෙම කෘත්‍රිම නිෂ්පාදන රා ලෙස ම තැබෑරුම්වල විකිණේ. දිළිඳු වැඩකරන ජනතාව අතර රා ජනප්‍රිය ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ, පූඬලුඔය, කඩදොරපිටිය රා තැබෑරුම 2019 වසර සඳහා වෙන්දේසි වූයේ රුපියල් හාරකෝටි අනූඅට ලක්ෂයකට හෙවත් මිලියන 49.8කට ය. දුප්පත් ජනතාවට ව්‍යාජ නිෂ්පාදන විකිණීමෙන් රජය ලබන ආදායම කෙතරම් ද යන්න මෙයින් පෙනේ.

ඊට අමතරව, දිළිඳු මත්පැන් ලෝලීන් අතර වැඩියෙන් ම ජනප්‍රිය මත්පැන් වර්ගය වන අති විශේෂ හෙවත් ගල් අරක්කු ආදේශක නිෂ්පාදනය සඳහා මෙම කෘත්‍රිම රා යොදාගන්නා බව වාර්තා වේ. මෙම මත්පැන් භාවිතා කරන ජනතාව ඒ පිළිබඳ අවබෝධයකින් තොර ය. අති විශේෂ නිෂ්පාදනය කරනු ලබන්නේ සීනි කර්මාන්තයේදී භාවිතා කරනු ලබන උක්වලින් නිෂ්පාදනය කරනු ලබන එතනෝල්වලිනි.

මත්පැන් ප්‍රචාරණය සම්බන්ධ රෙගුලාසි හේතුවෙන් නිෂ්පාදනවල තත්වය පිළිබඳ මත්පැන් පානය කරන ජනතාවට අවබෝධයක් ලබා දීම දුෂ්කර වී ඇති බව ඩීසීඑස්එල් සමාගමේ සභාපති හැරී ජයවර්ධන ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට 2018 දෙසැම්බරයේදී පැවසී ය. ඔහු පවසන පරිදි වෙළඳපොළේ තිබෙන එකම අව්‍යාජ නිෂ්පාදනය ඩීසීඑස්එල් පොල් අරක්කු ය. ඒ වෙනුවෙන් 100%ක් ම භාවිතා කරන්නේ ස්වාභාවික පොල් රා බව ඔහු පවසයි.

2016 වසරට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 4.1කි. යුරෝපයේ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය පවා ලීටර් භාගයක් පමණි.

2019 වසරේ රජයේ සුරාබදු ආදායම රු. බිලියන 130ක් පමණ වේ යයි අපේක්ෂා කෙරේ. රජයට මෙතරම් ඉහළ ආදායමක් ලබාදෙන මත්පැන් ලෝලීන් වෙනුවෙන් වෙළඳපොළේ තිබෙන නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කරදීමේ වගකීමක් ද රජයට තිබේ.

Translations

(පැරණි ස්කාගාරවල චිත්‍ර උපුටාගත්තේ මෙතැනිනි. sirimunasiha.wordpress.com)

1 thought on “රාමංඩි, කුණු අල, යූරියාවලින් පෙරන කළුතර රා ජාවාරම

  1. Bonno elipitama bona waga pooyata kalin dawase del kade doratuwen pehadiliwe . Paribojakayan thama paanaya gena denuwath kiriema nipayum karuwo menma eyin aadayama upayana aanduweada sadaachaarathmaka wagawiemaki . Ehidie prachaaranaya pilibanda niethi aagamika hara pathdhathien samaga patalawaa nogatha yuthui .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.