Diyawanna oya

දියවන්නා ඔයේ මසුන් මියගොස් අධික දුගඳක අවදානමක්

ඉදිරි දින කීපය තුළ දියවන්නා ඔයේ මසුන් මියයාමේ හා අධික දුර්ගන්ධයක් නිකුත් වීමේ අවදානමක් ඇති බව පරිසරවේදීහු පෙන්වාදෙති.

දියවන්නා ඔය ඇත්තේ පාර්ලිමේන්තුව ආශ්‍රිතවය. අද වන විට එහි ජලය කිසියම් ඇල්ගී විශේෂයක් හේතුවෙන් දුර්වර්ණ වී තිබේ.

ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, දියවන්නා ඔයේ ජලයේ අධික නයිට්‍රජන් සාන්ද්‍රණයක් හා බැක්ටීරියා අඩංගු වේ.

2016 ජුනි 08 දින ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක තිසාවැවේ බෝ වූ ඇල්ගී විශේෂයක් නිසා මසුන්ට සිදු වී ඇති හානි පිළිබඳ වාර්තා විය. කොරළි මාළුන් එකිනෙකා කොටාගන්නා බවත් ඔවුන්ගේ තුවාල ඇල්ගී හේතුවෙන් ආසාදනය වීම මරණයට හේතුව බවත් ලජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත චන්ද්‍රරත්න එම වාර්තාවේ ප්‍රකාශ කර තිබිණි.

එහි කමෙන්ටුවක් දමන උපාලි නම් පාඨකයකු මෙසේ පවසයි: “ඔය ඇල්ගී දියවන්නා ඔයට බෝකරමු.”

ලංකාව පාලනය කරන අමන පාලකයන් පත්කරන ජනතාවම ඉන්පසු ඔවුන්ට විරුද්ධව මෙවැනි ප්‍රකාශ කරනමුත්, දියවන්නා ඔය වැනි සංවේදී පරිසර කලාපයක වැදගත්කම ඇත්තේ එහි තිබෙන පාර්ලිමේන්තුවේ සිටින මහජන මුදලින් නඩත්තු වන වැඩකට නැති පිරිසට පමණක් නොවේ.

පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පවසන පරිදි පාර්ලිමේන්තුවේ වැසිකිළිවල අසූචි දියවන්නා ඔයට මුදාහරිනු ලැබේ. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225ට තම වැසිකිළිවල අපද්‍රව්‍ය හෝ පාලනය කිරීමට නොහැකි තත්වයක් තිබියදී ඔවුන් රට ගැන ප්‍රතිපත්ති හදන්නේ පාලනය කරන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට කතානායකවරයා පැවසුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ජල ටැංකියක් පිරිසිදු කර එම ජලය දියවන්නා ඔයට දැමීම නිසා මෙය සිදුවී තිබෙන බවයි.

මෙහිදී විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නය වැදගත්ය. “පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන මාර්ගය දෙපස ඔයේ පරිසරය දූෂණය වෙනවා නම් සිංහරාජය ගැන කුමන කතාද?”

දියවන්නා ඇල්ගී ගැන පාර්ලිමේන්තු කතාබහ මෙතැනින්

මේ ලිපියත් කියවන්න ලංකාව ආක්‍රමණය කරන මේ විදේශීය බලවේග ගැන අවධානය මදි

Creative Content Consultants