IMF

මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොතයි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ලෝක ආර්ථිකය නතර කර දැමූ මෙම වසංගතය මානව වර්ගයාගේ අඳුරුතම මොහොත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසයි. ඇය මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

Translations by Creative Content Consultants

රටවලට සම්බාධක ඉවත් කර ආර්ථික බලපෑම අවම කිරීමට කළ හැකි හොඳම දෙය වන්නේ වයිරසයට පහර දීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හනම් ගෙබ්‍රේසස් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය.

ලෝක බැංකුව සහ වෙනත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග එක්ව ලෝක ආර්ථිකය කඩාවැටීම වැළැක්වීමට කරගෙන යන බව පැවසූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව වඩාත්ම අවදානමට ලක් වන ජනයා ආරක්ෂා කරගැනීම සඳහා ශක්තිමත්ව, සමගියෙන් නැගී සිටින ලෙස ඇය ඉල්ලා සිටියා ය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කතා කරමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතුව ඩොලර් ට්‍රිලියනයක යුද අරමුදලක් ඇති බව හා රටවල් 90කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට එම අරමුදලින් ආධාර ඉල්ලා ඇති බව ද පැවසුවා ය.

වසංගතය පැනනැගීමත් සමග තත්වය තවත් නරක අතට හරවමින් සංවර්ධනය වෙමින් තිබෙන රටවල වෙළඳපොළවලින් ඩොලර් බිලියන 90ක් ආයෝජකයින් විසින් ඉවත් කරගෙන ඇති බව ද ඇය පෙන්වා දුන්නා ය.

වයිරසය සෞඛ්‍ය අවදානම් ඇති අයට බලපාන අන්දමින් ම ආර්ථික අර්බුදය අවදානමට පත් ආර්ථිකයනට දරුණු ලෙස බලපාන බව ඇය පැවසුවා ය.

ලෝකය මෙම අර්බුදයෙන් ගොඩ එන මුත්, එය කෙතරම් ඉක්මණින්, කෙතරම් ඵලදායී ලෙස සිදු වේ ද යන්න රඳා පවතින්නේ අප විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මත බව ද ඇය පැවසුවා ය.

Translations