තෙල් නැවේ ගින්න නිවූ නයින්ගේ හා අපේ වැඩ


තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය.
එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ තනි අතින් ගින්න නිව්වේ තමන් වගේ ය. මිනිසකු සර්ප දෂ්ටයකින් මළ පසු ගැරඬියකු ‘කොහොමද නයින්ගෙ අපේ වැඩ?’ යි ඇසූ හැටි සිහිපත් වුණේ එහෙයිනි.
ගුවන් යානා රැගෙන යන නෞකා දෙකක් හිමි ලොව බලවත් ම නාවික හමුදාවක් හිමි ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාව උසස් යයි කියන්නට උත්සාහ කිරීම තේරුමක් නැත. අපට ඒ හා සමාන වන්නට උවමනාවක් ද නැත.

දෙරණ ප්‍රේක්ෂකයන්ට පුරසාරම් දෙඩුවාට කමක් නැත. ලංකාවේ රජය අපගේ නාවික බලය කෙතරම් ද යන්න ගැන යථාර්ථවාදී විග්‍රහයක් කරගැනීමට මෙම අවස්ථාව යොදාගත යුතු ය.
දූපතක් වන, විශාල සාමුද්‍රික කලාපයක් හිමි ශ්‍රී ලංකාව ශක්තිමත් නාවික හමුදාවක්, වෙරළාරක්ෂක බලකායක් පමණක් නොව සාගරය සම්බන්ධ තවත් බොහෝ ධාරිතාවන් ගොඩනගා ගැනීමට අවධානය යොමු කළ යුතු ය.
ගිනි නිවීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම, මත්ද්‍රව්‍ය හා හොරබඩු ජාවාරම් වැළැක්වීම, ශ්‍රී ලංකාවේ සාගර සම්පත් රැකගැනීම හා ඒවායින් ප්‍රයෝජන ගැනීම, පර්යේෂණ, පුරා විද්‍යාත්මක, සංචාරක, විනෝදාස්වාද වැනි කටයුතු සඳහා අවශ්‍ය පහසුකම්වලින් ශ්‍රී ලංකාවේ නාවික අංශ සන්නද්ධ කළ යුතු ය.
නාවික, ධීවර ආදී ක්ෂේත්රවල රැකියා කරන්නන්ගේ වෘත්තිකභාවය නැංවීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අංශ සංවර්ධනය කළ යුතු ය.
දැන් තිබෙන්නේ මරාගෙන මැරෙන ගරිල්ලා නාවික හමුදාවක් සමග යුද්ධයක් නොවේ. එවැනි යුද්ධයක් වෙනුවෙන් ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ නාවික බලය නූතන තත්වයන් අනුව හැඩගැසිය යුතු ය.
මේ වනාහි පුරවැසියන් ලෙස අපට පෙනෙන දෙයයි. රජයට අවශ්‍ය උපදෙස් දිය හැකි විශේෂඥයන් නාවික හමුදාව වැනි ආයතනවල සිටිනවා ඇත.

එහි තිබෙන පහසුකම්:
Ocean boom, 04 Oil skimmers, Oil Spill Dispersant
Related News
6 thoughts on “තෙල් නැවේ ගින්න නිවූ නයින්ගේ හා අපේ වැඩ”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන - TOPnews.LK on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Mea dinawala aprasanna guda waathyaka wuwa sugandhaya soyamin vindinno bohomei .
ඉතාමත්ම කාළොචිත ළිපියක්. මේ දවස්වල ෆේස්බුක්හි මේ සම්බන්ධව පළවන posts දකිනකොට මට හිතෙන දේ:-
1. මීට ප්‍රථම ළෝකයේ කොතැනකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ.
2. අපේ ගුවන් හමුදාවයි, නාවික හමුදාවයි නොතිබෙන්න මේක
කෝවිඩ් වසංගතයටත් වඩා දරුණු එකක් වෙන්නට තිබුනා.
3. මේ සම්පූර්ණ මෙහෙයුමටම උපදෙස් හා ඕඩර්ස් දුන්නෙ ( ඒ
කියන්නෙ සහභාගිවුනු ඉන්දියානු ගුවන් හා නාවුක යාත්‍රාවලටත්
එක්ක හරිය යාළු) අපේ එක්කෙනෙක්!
සැ.යු.: රාජකාරිය, රාජකාරියක් වශයෙන් කරපු ශ්‍රී.ලංකා නාවික හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් කෙරෙහි මෙය ඉළක්ක නොවේ!
Aanduwa karawana maha then wedipura karanne oolaarika dea . Bahutharayak tikadohak yanathuru aewaayin vindanayak lebuwath , aeya thawakalika bawa deasapalanayen manaawa themparaduwoo Mahinda mahathaa haanipooraneta biththara mila adukaleya . Biththara gilinno thutuviya . Kukul keamath ganan gos pawathina samayeka , biju damanno kemeththenma mila adukaralieya !
Owun haanipooranaya kale keseada ?
Samaharavita wakra waradaana lebenna athi . Hebei owun thutuwanneda biththara gilina nogilina siyallangamema badu mudalinya .
Janapriyathawaya adu nokaragena kohomada samabara kirilla !
Lanka C news එකේ headline එකක් ඔය ගැන. ‘ලෝකයම යලි මවිත වේ.. තෙල් නැවේ ගින්න මැඩලයි.. ලක් සයුර සුරැකේ..’ ලන්කාවෙ කට්ටිය ලෝකය පුදුම කරනවා ඉවරයක් නැහැ, කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නැහැ
Nai pene puppagena rangaddhi , gerandi belikatu kate thiyan natanu dekiya heka !