රජය නව නිර්මාණාත්මක ආර්ථික සූදුවක ද?

අජිත් පැරකුම් ජයසිංහ
බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශය පවසයි.
එහෙත්, ෆිච් ආයතනය යනු ණය ලබාදෙන්නන්ට ප්‍රමුඛ අවධානයක් යොමු කරන ආයතනයකි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ.
අහිමි වන ආදායම් සමබර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කෙරෙහි ෆිච් විශ්ලේෂණය විසින් අවධානය යොමු කර නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මධ්‍යකාලීනව රජයේ ප්‍රතිපත්ති විසින් ඇති කරනු ලබන මහේක්ෂ ආර්ථික බලපෑමේ වාසිදායක තත්වය නිසි පරිදි හඳුනාගෙන නැති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.
බදු කප්පාදුව හේතුවෙන් ආර්ථිකය උත්තේජනය වී වත්මන් ආර්ථික මන්දගාමිත්වය වෙනස් වනු ඇතැයි ද, ව්‍යාපාර විශ්වසනීයත්වය නැවත ශක්තිමත් වීමට හේතු වන පරිසරයක් ඇති වන බව ද රජය පෙන්වා දෙයි. බදු පද්ධතිය සරල වීම නිසා සමස්ත ඉල්ලුම වැඩි වනු ඇති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙකී බදු වෙනස්කම් සිදුකළේ එහි ප්‍රතිඵල පරිස්සමෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගත හැකි තුලනය කිරීමේ ක්‍රියාමාර්ග සහිතව බව රජය පවසයි.
එහෙත්, අපගේ නිරීක්ෂණය වන්නේ රජයේ මෙම තීරණය සාක්ෂි මත පදනම්ව ගත් එකක් නොවන බවයි. එසේම, එම ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීමෙන් සති කීපයකට පසුව පවා තවමත් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට රජය අසමත් වී තිබේ. පරිස්සමෙන් අධ්‍යයනය කළා නම් ජාත්‍යන්තර ණය දර්ශක සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු කෙරෙහි ද අවධානය යොමු විය යුතු ව තිබිණි.
මේ අතර රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙස තවත් ඉතා ආන්දෝලනාත්මක නියෝගයක් රජයසියලු බැංකු වෙත නියෝග කර තිබේ. මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බැවින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බව රජය අපේක්ෂා කර සිටියි. මෙම ආන්දෝලනාත්මක තීරණය මුල්‍ය ක්ෂේත්‍රයට කෙසේ බලපානු ඇද්ද යන්න අදාළ චක්‍රලේඛ බැංකු වෙත නිකුත් කිරීමෙන් පසු දැකිය හැකි වනු ඇත. කෙසේ වෙතත්, ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි රජය විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව පෙනේ.
මේ අතර, දිළිඳුභාවය නැතිකිරීම සඳහා කුසලතා රහිත පුද්ගලයන් ලක්ෂයකට ජනවාරි මාසයේ සිට රජයේ රැකියා ලබාදීමටත්, ඒ ඔස්සේ සමෘද්ධි දිළිඳු සහනාධාරය කප්පාදු කිරීමටත් රජය සැලසුම් කර තිබේ. මෙය ද මහජනයා ව්‍යවසායකත්වය සඳහා පොළඹවන රජයක් විසින් කරනු ලබන ආන්දෝලනාත්මක ක්‍රියාවකි.
ශ්‍රී ලංකා රජය කරමින් තිබෙන ආර්ථික සූදුව ‘වා නම් වා පෝ නම් පෝ ගේමක්’ බව අපේ නිරීක්ෂණයයි. එහි සාර්ථකත්වය කෙටිකාලීනව පෙන්නුම් කළ යුතු ය. එසේ නොවේ නම් කෙටිකාලීනව අතහැර දමන්නට ද සිදුවනු ඇත.
මේ ලිපියත් කියවන්න:

ගෝඨාභයගේ බදු කප්පාදුව නිසා ණය සඳහා පොළිය වැඩි වේ
Related News
1 thought on “රජය නව නිර්මාණාත්මක ආර්ථික සූදුවක ද?”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
Recent Posts
Recent Comments
- admin on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Ranjith Adikaram on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- Weerasinha on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Kapatin visin modayan sathutu kireimata ganna uthsaahaya ” WAA NAM WAA ….” maadiliye souduwak viya heka .