පොලිස් ප්‍රචණ්ඩත්වය; ප්‍රති ප්‍රචණ්ඩත්වය හා අකාර්යක්ෂම කළමනාකරණය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ කෘරත්වය ඉහළ ගිය බවට සිතිය හැකි සාධක රැසක් තිබේ.
උදාහරණයක් ලෙස, පසුගිය සතියේදී අඟුලාන පොලිසිය විසින් ධීවරයකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුගිය මාසයේදී උතුරු පළාතේ මුහමාලෙයිහිදී නීති විරෝධී වැලි කැපීම් සම්බන්ධ සිද්ධියකදී නිරායුධ තරුණයකුට වෙඩි තබා මරා දමන ලදී. බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණය හා සමගාමීව උද්ඝෝෂණයක් කිරීමට ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන්ට එරෙහිව එල්ල කරන ලද දරුණු ප්‍රහාරය ප්‍රමුඛ පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම ද වැඩි විය. පොලිසියේ කුප්‍රකට ප්‍රකාශයක් වන සැකකරුවන් අත්අඩංගුවේ සිටියදී හෝ අත්අඩංගුවට ගන්නට යද්දී පොලිසියට වෙඩි තැබීම නිසා වෙඩි තබා ඝාතනය කරන්නට සිදු වූ බව ද අලුත් ආණ්ඩුව යටතේ නැවත නැවත ඇසෙන්නට පටන් ගෙන තිබේ.
කෙසේ වෙතත්, පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වයක් ද සිදුවෙමින් තිබේ. රත්වත්ත පවුලේ තරුණයකු විසින් පදවන ලද රියකට යට වී පොලිස් බුද්ධි අංශ සාමාජිකයකු පසුගිය මාසයේදී කොළඹදී මියගියේ ය. හක්මණදී ටිපර් රථ රියදුරකු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරියකු රියට යට කර මරා දැමුවේ ය. තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට තුවාල සිදු විය.
අඟුලානේදී මරා දමන ලද ධීවරයාගේ මරණය සම්බන්ධ සාක්ෂිකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන යාම පිළිබඳ කෝපයට පත් ජනතාව විසින් අඟුලාන පොලිස් ස්ථානයට ගල් 1,600කට වැඩි සංඛ්‍යාවකින් පහර දී, එහි නාම පුවරුව, නඩු භාණ්ඩ ආදී රාජ්‍ය දේපලවලට රු. ලක්ෂයකට වැඩි අලාභ හානි සිදු කළ හ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය සංයමයකින් යුතුව කටයුතු කර ඇති ආකාරය ද දැකිය හැකි ය. මෙම සිද්ධියේදී එක් කාන්තාවක් තමන් ගල් ගැසූ බව මාධ්‍ය කැමරා ඉදිරියේ ප්‍රසිද්ධියේ පවසා පොලිසියට භාර වූවා ය. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගන්නා ලද මෙම කාන්තාව ඇතුළු 14දෙනෙකු රු. ලක්ෂය බැගින් ඇප මත මුදාහරින ලදී. ඔවුන් සම්බන්ධයෙන් රාජ්‍ය දේපලවලට හානි කිරීමේ නීති ක්‍රියාත්මක කළ බවක් නොපෙනේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ පොලිසිය එම පක්ෂයේ සාමාජිකයන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්ත ද, අවසානයේදී ඒ සියල්ල ම නිදහස් කළේ ය. ඔවුන් වරදක් කර නොතිබුණා නම් ඒ තරම් දරුණු ප්‍රහාරයක් එල්ල කළේ ඇයි?
මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කර අසු වූ සිද්ධිය පොලිස් ඉතිහාසයේ නොමැකිය හැකි කළු පැල්ලමකි. එහෙත්, එම සිද්ධියේ විමර්ශන එතරම් ගැඹුරට විහිදෙන බවක් නොපෙනේ.
සමස්තයක් ලෙස මෙම සිදුවීම්වලින් පෙනෙන්නේ පොලිස් කොමිසම හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිසිය කළමනාකරණය කිරීම ඉතාම දුර්වල මට්ටමක පවතින බව නොවේ ද?
මෙම ලිපියත් කියවන්න: Is brutality of Sri Lanka police on the rise under the new government?
Kalakata ihatha indiyaanu cinepatayak ANKUR sihiwenawa . Ehi ihala samajen nithara pahara kamin sitina phalana kulakayaka kolugetayek , sannaddhawa sitina hathura anapekshitawa mara damanne kuda gal ketayakin niyama marmasthaneta pharadiemen !
ANKUR . A film 1974 . Director . Siyam Benegal . ( drama/ romance its nice to see .
Duration abt 2h . Can download free . )