Politics

2022 මැයි 9 පිළිබඳ සත්‍යය සෙවිය යුත්තේ ඇයි?

2022 මැයි 9 සිදුවීම්වලට අවුරුද්දක් සපිරෙයි. එම දිනය ආසන්නයේදීම එම සිදුවීම් ඡායාරූපගත කර ප්‍රංශ පුවත් සේවය හරහා ලොවට බෙදාදුන් ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිද්ධියකි. ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වීම සතුටු විය හැකි කාරණයක් වන මුත්, ඒඑෆ්පීහි පළ වූ ඡායාරූම මාලාව නැවත බැලූ විට අපට රට, එහි ජනතාව සහ ඔවුන් විසින් පත්කරගන්නා ලද දේශපාලකයන් ගැන සතුටු විය හැකිද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා පිළිකුල් සහගත චිත්‍රයක් නිර්මාණය කරන සාමාන්‍ය නවකතාවක් වූ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ශෙහාන් කරුණාතිලකට පසුගිය වසරේදී මෑන් බූකර් සම්මානය හිමි වීම ද මෙහිදී සිහිපත් වේ.

1 Minute
Politics

සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සහාය දෙන්න

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.

0 Minute
Economy

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි?

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.

0 Minute
Politics

ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය

ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.

1 Minute
Politics

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.

0 Minute
Media

පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.

0 Minute
Politics

පාස්කු දේශපාලනයේ අරමුණු මොනවාද?

අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි.

1 Minute
Politics

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු

ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?

0 Minute
Art

දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.

1 Minute
Politics

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?

විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.

0 Minute