Politics

ගෝඨාභය රාජපක්ෂ පෙසප ලුහුබඳින්නේ ඇයි?

එතනින් එහාට ගිය කල, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය දියත් කිරීම සඳහා සතුරකු නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පෙනේ. දෙමළ හෝ මුස්ලිම් සමාජයන් වෙතින් සතුරකු ඉස්මතු කරගැනීම වෙනුවට සිංහල සමාජයෙන් සතුරකු සොයාගැනීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බව පෙනේ. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ නොඉවසිලිමත් උත්සාහය පෙන්වූ අවස්ථාවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වූ වෛද්‍ය නජිත් ඉන්දික ෆේස්බුක්හි කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ පළකළ සටහනක් පිළිබඳ පාර්ලිමේන්තුවේ පවා කතාකිරීමට ආණ්ඩුවේ ජාතිවාදී නායකයකු වන චන්න ජයසුමන පෙළඹීමයි. සිංහල රැඩිකල් සමාජයෙන් සතුරකු ඉස්මතු කර පෙන්වීමට දරන උත්සාහය එක පැත්තකින් සිංහල ජාතිවාදයට ද, විශේෂයෙන්ම, ආණ්ඩුවට අභියෝගයක් විය හැකි ආන්තික භික්ෂු බලවේගයට ද දැඩි අභියෝගයකි.

1 Minute
Life

මහින්ද රාජපක්ෂ නියෝජනය කරන රටයාමේ පෙරේත පාරිභෝජනවාදය

අජිත් පැරකුම් ජයසිංහ ලංකාව දූපතක් වීම නිසාදෝ ලාංකිකයන් විදේශගත වීමට මහත් ඇල්මක් දක්වති. එසේම, ලංකාවෙන් විදේශගත වීම තරමක් දුෂ්කර කාර්යයකි.

1 Minute
Politics

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා

1 Minute
Politics

ෆයිසර් හමුදාවට භාරදීම හා දොස්තරලාට වෙන අවමානය

ඇමරිකාව විසින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයට දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වී තිබේ. ෆයිසර් එන්නත ඇමරිකන් එන්නතක් නිසා එය ගුණාත්මක අතින් ඉහළ යයි විශ්වාසයක් සමාජයේ පැවතීම එයට හේතුවයි.

1 Minute
Politics

ලංකාව පෙනෙන තෙක් මානයක ආලෝක ධාරාවක් දැකිය නොහැකි අඳුරු බිම්ගෙයක

පළමු කොරෝනා රැල්ලේ සිට අනුගමනය කරන ලද ප්‍රායෝගික නොවන, අත්තනෝමතික ක්‍රියාමාර්ග දැන් දැන් අවසානයක් දකිමින් තිබේ. කොවිඩ්-19 රජයේ පාලනයෙන් ගිලිහෙමින් තිබෙන තරමට මිනිසුන් පරිස්සම් වෙන්නට පටන්ගෙන තිබේ.

1 Minute
Philosophy

වසංගතයට විසඳුම නවීන විද්‍යාවද?

2019 වසර දක්වා අප ආ ගමන දිහා ආපසු හැරී බැලිය යුතුයි. ඒ වුණාට අප ඒක කරනවාද? අපේ ජීවිත හැම පැත්තෙන්ම වෙළාගත්තෙ ලෝකයට දරාගත නොහැකි පාරිභෝජනවාදයකින්. අති දීර්ඝ කාලයක් ජරපත් වෙමින් ජීවත් වීමේ ආශාව දක්වාම මේ පාරිභෝජනවාදය දීර්ඝ වුණා. මහපොළව මත මිනිසාගේ ක්‍රියාකාරකම්වල බර තව දුරටත් මහපොළවට දරාගන්නට බැරි තත්වයක් නිර්මාණය වුණා. මේවා මං නැවත කියන්නට අවශ්‍ය නැහැ. ඇති තරම් ‘විද්‍යාඥයන්’ ඒවා ගැන විස්තර කරලා තියෙනවා. ඒ යුගය/ අවධිය අවසන් විය යුතුව තිබෙනවා.

1 Minute
Health

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.

1 Minute
Politics

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පරිණත කතාවකි

එන්නත්, ඔක්සිජන් වැනි සියලු දේ රජය සපයන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූ ඉතා වැදගත් කරුණක් වූයේ රෝගීන් මැනැවින් කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීම බවයි. එය වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට දුන් ඉතා වැදගත් පණිවුඩයකි. එහෙයින් එය තවදුරටත් අප අවධාරණය කළ යුතුය. රෝහල් තුළදී රෝගීන් මෙතරම් මියයාම රෝගීන් කළමනාකරණයේ ගැටලුවකි. නිව්මෝනියාවෙන් ලංකාවේ මෙතරම් රෝගීන් මියයන්නේ කොවිඩ්-19 රෝගය පිළිබඳ වෛද්‍ය දැනුම බෙහෙවින් දියුණු වී තිබෙන වකවානුවක බව ද අප සිහිපත් කළ යුතුය. රෝගීන් කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දන්නවා විය යුතුය. ඒ ගැන ජනතාව මීට වඩා සංවේදී වන්නට පෙර ජනාධිපතිවරයාගේ පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය.

1 Minute
Politics

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

වැඩ කළත්, නොකළත්, ගෙදර හිටියත්, තමන්ගෙ වැටුප ලැබෙන රජයේ සේවකයන් වැනි අයට ආර්ථිකය අතහරින්නට යයි සරලව කියන්නට පුළුවන්. ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.

0 Minute