Politics

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි.

1 Minute
Politics

ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව

මගේ මූලික තර්කය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නොවන බවයි. හැබැයි, ඒකට විකල්පයකුත් දැනට මේ රටේ නැහැ. මොකද, ලංකාවෙ පාලකයන් බලයට පත්වන මූලික මූලධර්මය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඔවුන්ට පවතින්නට ඉන් පිට අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාය විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුයි.

1 Minute
Politics

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි

ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි.

1 Minute
People

මගේ පරණ සහෝදර සහෝදරියන්ට පොදු පැහැදිලි කිරීමක්

ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. උඹලා මොනවා හිතුවත් මට කමක් නැහැ. ඒ කාලෙ වගේම තමයි. මම මේ වැඩේ කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඔව්, අපි කරනවා. බැරි වුණොත් උඹලා දිනුම්. එච්චරයි. අපි සාර්ථක වුණොත්, සමහරවිට ආයෙමත් දෘෂ්ටිවාදී දේශපාලනය කරන්න මාත් එයි. එතකල් මං කරන්නෙ තත්කාර්යවාදී හෙවත් ප්‍රැග්මැටික් පොලිටික්ස්.

0 Minute
Politics

මාලිමාවේ අපේක්ෂක විජේන්ද්‍රගේ ප්‍රශ්නවලට අපේ පිළිතුරු

විජේන්ද්‍ර පැනසර ධීවර නායකයෙකි. ඔහු අප සමග කාලයක් හිරු කණ්ඩායමේ ඉදිරියෙන්ම කටයුතු කළ ක්‍රියාකාරිකයෙකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අභීතව කටයුතු කළ කෙනෙකි. හිරු කණ්ඩායමෙන් ඉවත් වී අප නිර්මාණය කළ ලංකා ලෙෆ්ට් කණ්ඩායමේ ද ඔහු ක්‍රියාකාරීව දේශපාලනය කළේය. ඔහු මොන පක්ෂයෙන් හෝ කොළඹ නගර සභාවට පත්වීම හොඳ දෙයකි.

1 Minute
Elderly

පැන්ෂන් ප්‍රශ්නය

මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත.

1 Minute
Politics

ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක්

ජවිපෙ ආණ්ඩුවක් පිහිටවූ පසුව ද ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රමාද වී හෝ සිදු වේ. ප්‍රමාද වන තරමට ඒවා වඩාත් කෘර වේ. එවිට ද වෘත්තීය සමිතිවලින් මෙවැනිම ප්‍රතිචාර එල්ල වනු ඇත. ඒ නිසා ඔවුන්ට ද මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට සිදුවනු ඇත.

0 Minute
Politics

ප්‍රබුද්ධ හෝමොෆෝබියාව

මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක්

0 Minute