Media

පරිස්සම් වන්න. ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන හැටි දැනගන්න

රජය ගැන පවතින අවිශ්වාසය හේතුවෙන් විශේෂයෙන්ම කටකතා වේගයෙන් පැතිර යන අතර ඒවා පතුරුවා හැරීමේ ප්‍රධාන මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ සමාජ මාධ්‍යයි. මාධ්‍යකරණය, නීති රීති හා ආචාරධර්ම පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැම් වගකීම් විරහිත පුද්ගලයන් විසින් ව්‍යාජ පුවත්, දුස්තොරතුරු හා ද්වේෂ සහගතව නිර්මාණය කරන තොරතුරු ද වෛරී ප්‍රකාශ ද වර්තමානයේ මාධ්‍ය සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඇත්තය. එහෙත්, ඒවාට මුවාවෙමින් රජය විසින් ගනු ලබන පියවර සීමාව ඉක්මවා යන බවක් ද පෙනේ.

1 Minute
Media

කොරෝනා පණිවිඩ ගැන මහජන විශ්වාසය බිඳවැටීම

ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනා එන්නත මෙරට ජනගහනයෙන් 70% කටවත් ලබාදෙන තෙක් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කළ

1 Minute
Media

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.

1 Minute
Media

විසම්මුතිය පුරවැසි අයිතියකි

මාධ්‍යවේදියෙකු වන උමේෂ් කුමාර් ශර්මා විසින් සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද විඩීයෝවක් මඟින් දුෂණ ක්‍රියාවල නිරත බවට අමාත්‍යවරයෙකු වෙත චෝදනා කර තිබිණි. අධිකරණය ශර්මා විසින් ඉදිරිපත් කර තිබු ඇතැම් චෝදනා සාවද්‍ය බව පිළි ගත් නමුත් රජයේ නිතීඥවරයා විසින් ‘ ශර්මා ගේ ප්‍රකාශය විසින් ආණ්ඩුවට විරුද්ධව කැළැඹීම් ඇති කිරීමට තැත් දරන ලදැයි’ යන තර්කය ප්‍රතික්ෂේප කළේය. යම්කිසි ප්‍රකාශයක් දැඩි විය හැකියි. නමුත් එය භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකමකි’ යැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබිණි.

1 Minute
Human Rights

පොලිසිය වධහිංසනයට නැඹුරුය. මාධ්‍ය’වේදීන්’ බොරු කීමට නැඹුරුය.

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.

0 Minute
Environment

භාග්‍යා නොඉවසීම

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය.

1 Minute
Media

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

ඒ අනුව පිහිටුවන ලද 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි විභාගයට අමතරව, පුහුණුව, පර්යේෂණ, ආචාරධර්ම සැකසීම ආදිය කළ හැකියි. එහෙත්, එහි ගැටලු තිබෙනවා. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් කවුරුද යන්න එහිදී ප්‍රශ්නයක්. එහි සාමාජිකයන් හත්දෙනා අතරට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලබලයෙන් පත්වෙනවා. සෙසු හයදෙනා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ අතර එක් අයෙකු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයෙක්, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන අයෙක් එහෙම ඉන්නවා. එම සංගම්වලට නම් තුනක් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එක් අයෙකු නම් කරනවා. ඒ අනුව, මේ සියලු දෙනාම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත් නියෝජිතයන්. මෙය තනිකරම ආණ්ඩුවේ මණ්ඩලයක්. මෙම පිරිස අතරින් එක් අයෙකු සභාපති ලෙස පත්කරන්නේත් ජනාධිපතිමයි.

1 Minute
Media

ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය.

1 Minute
Media

මාධ්‍ය කැමරා නිසා ප්‍රකාශකයන්ට වෙන දේ

මාධ්‍ය කැමරාව බලවත් මෙවලමකි. එහෙත්, එය භාවිතා කළ යුත්තේ තමන් ප්‍රදර්ශනය කරගැනීමේ හා පෞද්ගලික උන්නතිකාමයේ මෙවලමක ලෙස නොව. මහජන සේවා වෙනුවෙන් බුද්ධිමත් ලෙස මාධ්‍ය කැමරාව භාවිතා කරන අයට පෞද්ගලික උන්නතියද ඒ ඔස්සේ දිනාගත හැකිය. එහෙත්, අපේ බොහෝ අය වරද්දා ගන්නේ මාධ්‍ය කැමරාව මහජන සේවාවට වඩා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යොදාගන්නට යාමෙනි.

1 Minute
Media

ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

මාධ්‍ය තුළින් ම පැනනැගී තිබෙන අලුත් තත්වයන් හේතුවෙන් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධ නව ගැටලු රැසක් නිර්මාණය කර තිබේ. ඔබ අතැති සැරයටිය හතර අත වනමින් යාමට ඔබට තිබෙන නිදහස අනෙකාගේ නහය අසලින් සීමා වේ යයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. එය ප්‍රකාශනයේ නිදහසටත් අදාළය. ප්‍රකාශනයේ නිදහස අවභාවිතා කිරීම් පැනනගින්නේ මාධ්‍ය තුළින්මය. එවැනි අවභාවිතාවන්ට එරෙහිව රාජ්‍යය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රකාශනයේ නිදහසට ම ආපිට බලපායි. මෙම විෂම චක්‍රය තුළ මාධ්‍ය මැනවින් කළමනාකරණය කරගැනීම සඳහා මාධ්‍යකරුවන්ගේ මෙන්ම පාඨකයන්ගේද සාමූහික වගකීම් අවශ්‍යය. සරලව කීවොත්, මාධ්‍යකරුවන් සිතාමතා කරන මාධ්‍ය අවභාවිතාවන් නැවැත්විය යුතුය. පාඨකයන් එවැනි තත්වයන් ක්ෂණිකව හඳුනාගැනීමට තරම් සබුද්ධික විය යුතු අතර මාධ්‍ය අවභාවිතාවන් වහා ප්‍රතික්ෂේප කළ යුතුය.

1 Minute