Life

ගුවන් යානයක එල්ලී පළා යන්නට පුළුවන්ද?

කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා.

1 Minute
Life

අනුන්ගේ නම් බාල කිරීමේ සමාජ චර්යාව

නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්.

1 Minute
Life

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර ‘වැඩසටහන 2021 ජනවාරි මස 29 වන දින තණමල්විල කුකුල්කටුව ජලාශය අසල පැවති අවස්ථාවේ අචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ලංකාවේ කංසා නීතිගත කර දෙන ලෙස සෘජුවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඒ සඳහා ඉහල මට්ටමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව පැවසීය.

1 Minute
Life

15 හැවිරිදි ගැහැණු ළමයා අපයෝජනයට සම්බන්ධ අයට මොකක් වෙයිද?

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය.

1 Minute
Life

ගෙදර සිට වැඩකිරීම ඔය කියන තරම් ජොලිද?

ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.

1 Minute
Disaster

ආපදා අවම කරන සෙන්ඩයි ආකෘතිය

ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි.

1 Minute
Life

බුර්කා තහනම් කරන්න තියෙන හදිසි උවමනාව

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය.

1 Minute
Life

ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

නිවසේ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන්, කොවිඩ්-19 හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතා සංකීර්ණ ක්‍රමයකි. නිවසකදී ස්වාභාවික මරණයක් සිදුවුවහොත් දැන් කළයුතු වන්නේ පළමුවෙන්ම අදාළ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ගොස් මරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි.

1 Minute
Economy

අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න

අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත්

1 Minute