Life

ලංගම නියාමනයට යොදවා බස් ධාවනය විධිමත් කරනු!

ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.

1 Minute
Life

කේ

අජිත් පැරකුම් ජයසිංහ මගේ මිත්‍රයකු වන කේගෙ රසවත් කතාව නොමිලේ කියවන එකට හිලව්වට පහත දැක්වෙන ඡේදයේ තියෙන මගේ අමන කතාවත්

0 Minute
Life

මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!

ඒ දවස්වල අපි කාපු බීපු දේවලින් දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක් කපාහැරලා ඉවරයි. කඩවලින් කන්නෙම නැති තරම්. ට්‍රිප් යන්නෙම නැහැ. වියදම් අහස උසට. පඩිය එතනම. මගේ බිරිඳ පෝච්චිවල වවනවා. දැනටත් අපි පළා වැඩි හරියක් නෙළාගන්නෙ වත්තෙන්මයි. තණකොළ වවපු ඉඩ අඩු කරලා තව පෝච්චි ටිකක් තියන්නයි සැලැස්ම. මේ හරියෙ හොඳ පස් නැහැ. ගේන්නෙ ගමෙන්. අපි එහෙමයි. මේ වෙලාවෙ අර කොටහලු මගුල් ගෙදර ස්‍රැතියට කිට්ටුවෙන් සිංදුවක් යනවා ‘හිතවත මේ ලෝකෙ බොරූවෙන්ද ජය ගන්නේ – සතුරා සමග සිනාසී මිතුරා සේ ඉන්නේ’. අනේ උකහාගනිල්ලා.

1 Minute
Life

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.

0 Minute
Travel

පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක්

මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

1 Minute
Life

හවුස්වයිෆයිසේෂන් හා හවුස්හස්බන්ඩයිසේෂන්

අද වැනි ජාත්‍යන්තර කාන්තා දිනයන්හිදී පවා මව්වරුන්ගේ අගය මහ ඉහළින් වර්ණනා කරන්නේ එහෙයිනි. මාතෘ භූමිකාව ඉතා වැදගත් එකකි. දරුවන් හදාවඩාගැනීමේදී පීතෘ භූමිකාව ද එතරම්ම වැදගත් වේ. මාතෘ භූමිකාව උත්කර්ෂයට නැගීම හරහා දරුවන් හදාවඩාගැනීම සම්බන්ධ පීතෘ වගකීම් එතරම් වැදගත් නොවන බවට අදහසක් ද ස්ථාපිත කරනු ලැබේ.

1 Minute
Health

මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා කිසිදාක නිමාවන්නේ නැත. වර්තමානයේදී හෙද, පරිපූරක වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරි වැනි සෞඛ්‍ය සේවකයින්ගේ සටනෙහි ද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීමයි. ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් තමන්ට වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔවුහු පවසති. එය මෙවැන්නකි.

1 Minute
Life

ඩිජිටල් හැඳුනුම්පත ආයෙත් කරළියට

ලංකාවේ පාලකයන්ගේ හා නිලධාරීන්ගේ කාඩ් නිකුත් කිරීමේ උනන්දුව කෙතරම් ද යත්, රටේ තව ඕනෑ තරම් ප්‍රශ්න තිබියදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාව යළි කරළියට පැමිණ තිබේ. මෙවර එය පැමිණෙන්නේ ඉන්දීය ව්‍යාපෘතියක් ලෙසයි. ඉන්දීය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරන්නට පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

1 Minute