පවිත්‍රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම

මේ මිථ්‍යාවන් හරහා අවදානම වැඩිවෙන්නෙ දිළින්දන්ටම තමයි. ෂෝ එකට ධම්මික පැණිය බීපු පවිත්‍රාට, පියල් නිශාන්තට හා ඒවා ප්‍රවර්ධනය කරපු දයාසිරි ජයසේකරට හා වාසුදේවට කොවිඩ් හැදුණාය කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට උපරිම සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට නොමැති විශේෂ සත්කාර ඔවුන්ට ලැබෙනවා. ඒ වුණාට ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවට අහු වී පෝලිම්වල ගොස් අවදානම් සහගත ලෙස පැණි අරන් ආ, ඒ ගැන විශ්වාසය තැබූ දිළිඳු ජනයාට පවිත්‍රලාට ලැබෙන අන්දමින් සෞඛ්‍ය සත්කාර ලැබෙන්නෙ නැහැ. ඔවුන් අතරින් කොටසක් මැරෙනවා. මෙතන තියෙන අසාධාරණේ ඒකයි.

News Detail

මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය

ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අවධිය හෙවත් ඇන්ත්‍රොපසීන අවධිය ලෙස හඳුන්වනු ලබන්නේ එම අවධියයි. එය සම්පූර්ණයෙන්ම අලුත් භූවිද්‍යාත්මක අවධියක් බවට තර්ක කරනවා.

News Detail

ශුක්‍රා මුනවර් නිසා අපට වෙච්ච දේ

මෙවැනි දක්ෂ දරුවන් සෑම සමාජයකම ඉන්නවා. ඒත් ශුක්‍රා මුනවර් අප විස්මයට පත්කළේ ඇයි? එය අපේ ගැටලුවක්. එම ගැටලුව ඇසුරෙන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාකෘති සංකල්පයයි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ stereotype කියායි. ඒකාකෘති කියන්නේ මිනිස් කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔවුන් අයත් වන ජනවර්ගය, ආගම, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමාජය විසින් පවරා දෙනු ලබන ලක්ෂණයි. විවිධ මිනිස් කණ්ඩායම්වලට සම්බන්ධ ඒකාකෘති තිබෙනවා.

News Detail

රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන

නායකත්වයක් නැහැ. මගපෙන්වීමක් නැහැ. ඇගයීමක් නැහැ. සමස්තයක් ලෙසම රජයේ සේවය තුළ පාරිභෝගිකයා වන මහජනයාට සේවා සැපයීම පිළිබඳ යහපත් ආකල්ප නැහැ. පුළුවන් නම්, ආපු වැඩේ කරගෙන පෙන්නපන් කියන එක තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. රජයට බදු ගෙවනකොට වුණත් එහෙමයි.

News Detail

වාසු ගැන නිව්ස් එකක්

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි.

News Detail

මෙමෝරියලයිසේෂන් හා ස්මාරක

පොදු ස්ථානවල ස්මාරක ඉදිකිරීම විධිමත් අන්දමින් සිදුකළ යුතුය. එහෙත්, විධිමත් හෝ අවිධිමත් හෝ ආකාරයකින් ඉදි කර ඇති යම් ස්මාරකයක් තිබේ නම්, එය ඉවත් කළ යුත්තේ ද ඉතා විධිමත් ආකාරයටයි. බුල්ඩෝසර්වලට සිමෙන්ති හා යකඩ සුණුවිසුණු කරන්නට හැකිය. එහෙත්, මතකයන් එහෙම විනාශකරන්නට බැරිය. බුල්ඩෝසර් විසින් ඇත්තෙන්ම කරනු ලබන්නේ අලුත් මතකයේ රඳවා තබාගැනීම් නිර්මාණය කිරීම විය හැකිය.ච

News Detail

වෙනස වෙනුවෙන් වෙනස් වෙන හැටි

කොවිඩ්-19 එක්ක අද වනවිට අපේ මිනිසුන් කවුරුත් නගරයට යන්නෙ මාස්ක් දාගෙන. ඒක වුණත් ලොකු දෙයක්. අපට වෙනස්වෙන්න පුළුවන්. වෙනස තියෙන්නෙ බලාධිකාරයන් තුළ විතරක් නෙමෙයි. අප ළඟත් තියෙනවා. සමාජය වෙනස් කිරීම කියන්නෙ පුළුල්ව විහිදුණු, පරිපූර්ණ කාර්යයක්. අප හැමෝටම එහි වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම කම්කරු පන්තියට එහි වගකීම වැඩියි. වෙනස්වෙමු. අපෙන් වෙනස පටන්ගනිමින් වෙනස වෙනුවෙන් සටන් කරමු. උදාහරණයක් විදියට දූෂණයට එරෙහිව සටන් කරන අපි දූෂණයෙන් අත්මිදෙන්නට ඕනැ. සමාජවාදය වෙනුවෙන් අරගල කරන අපි සමාජවාදී ජීවන විලාසයක් අප තුළම ගොඩනගාගන්නට ඕනැ.

News Detail

මළසිරුරු බලෙන් පිළිස්සීමේ ප්‍රතිපත්තියේ කොන්ද කැඩූ පුංචි පිදුරු ගහ

කොවිඩ්-19 වයිරසයට ජාති, ආගම් ආදී වෙනස්කම් නැත. එහෙත්, පන්තිමය වෙනසක් නම් පැහැදිලිවම තිබේ. කොවිඩ්-19 වැඩිපුරම ආසාදනය වන්නේත්, එයින් මියයන්නේත් දිළිඳු පවුල්පල ජනයායි. එයට හේතු පැහැදිලිය. ගෙවල්වල මීටරේ පරතරේ තබාගෙන ජීවත් වීමට තරම් ඉඩකඩ නැත්තේ ඔවුන්ටය. බස්වල තදබද වී ගමන් බිමන් යන්නට සිදුවන්නේ ඔවුන්ටය. අවදානම නොතකා දවසේ ආදායම වෙනුවෙන් රැකියා කරන්නට සිදුවන්නේ ඔවුන්ටය. මාස්ක්, සැනිටයිසර් ආදිය පවා මිලදී ගන්නට මුදල් නැත්තේ ඔවුන්ටය.

News Detail

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය.

News Detail

කොරෝනා නසන පැණියේ තිරය පිටුපස කතාව

බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත.

News Detail