Photos

ජාතික කොඩිය හා ඩම්පිං

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.

1 Minute
Economy

අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද?

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි.

1 Minute
Economy

ජනාධිපති ගැන සංවේදී වීමේ වගකීම

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත.

1 Minute
Economy

නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ

වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි. එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත.

1 Minute
Economy

ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?

වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන.

1 Minute
Economy

සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන

ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.

1 Minute
Economy

Will Sri Lanka lose GSP+ again?

Sri Lanka’s apparel industry accounts for 43% of the country’s total exports and generates over $ 5 billion foreign exchange. Daily FT reported in January that over 60% of exports to the EU had benefited the most through the GSP+ concession. “As of 2018 as much as 58% of all Sri Lankan exports benefit from some form of preferential access due to GSP+ and the EU remains the country’s largest export market. Since the resumption of GSP+ concessions in 2017, the value of Sri Lanka’s total exports to the EU market in 2018 recorded a growth of 5% when compared to 2017. As a result, Sri Lanka’s GSP+ utilised exports recorded a year-on-year recorded a growth of 1% in 2018.

5 Minute
Economy

දැක්මක් නැති ණයවැය 2021

අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය.

1 Minute
Economy

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා පවසයි.

1 Minute
Development

කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ.

1 Minute