Crime

පරිස්සමින් විමසිය යුතු ඌවතැන්නේ සුමන හිමි කතා වස්තුව

මෙහි ඊළඟ පියවර හිරු රූපවාහිනිය අයත් රෙනෝ සිල්වාගේ සහෝදරයා වන, මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීම යයි බොහෝ අය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ විරෝධය කල්තබා සමනය කිරීමට මෙම පියවර ගත් බව විශ්ලේෂකයන් පවසනවා.

1 Minute
Crime

කොවිඩ්-19 රෝගී සිරකරුවන් පවා මරන රටක්

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”

1 Minute
Human Rights

මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ ‘විනය, ඉවසීම හා සංවේදීකම’

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

1 Minute
Crime

ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය මර්දනයේ කතාව

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආණ්ඩුවේ කයිවාරු කොතරම් වුණත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවක් නම් නොපෙනේ. එසේම, රට තුළට ගෙන්වා බෙදාහැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන ගණන්ය. ඒ අසුවෙන ඒවාය. අසු නොවන ඒවා ගැන දන්නේ කවුරුද?

0 Minute
Law

බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය. මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය.

1 Minute
News

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

ඒ තරම් භයානක බව හොඳින් ම දන්නා ස්ථානයක වැටලීමක් පොලිසිය සැලසුම් කරන ආකාරය ළමයින්ගේ හොරා පොලිස් ක්‍රීඩාවකටත් වඩා බොළඳ ය. පැය 24කට පෙර හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් සේනාංකයක් යොදවන ලද මුත්, බරපතල අපරාධකරුවෙකු සමග වැටලීමක් සඳහා භයානක ස්ථානයකට යන්නේ පොලිස් නිලධාරීන් 20කටත් අඩු සංඛ්‍යාවකි.

0 Minute
Health

කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි.

1 Minute
Politics

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත.

1 Minute
Crime

ලිංගික අල්ලස් ඉල්ලීම

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20 අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ

1 Minute
Crime

චොකාමල්ලිලාට තියෙන, අනෙක් මල්ලිලාට නැති දේ: ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’

අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල්

1 Minute