Law

තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක්

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය.

1 Minute
Crime

15 හැවිරිදි ගැහැණු ළමයා අපයෝජනයට සම්බන්ධ අයට මොකක් වෙයිද?

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය.

1 Minute
Crime

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක්

මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද 2010 ආසන්න වකවානුවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

0 Minute
Politics

එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

1 Minute
Politics

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය.

1 Minute
Crime

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණේ හරි පාරෙන්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ ඒ පිළිබඳ දැක්වෙන්නේ මෙසේ ය: “යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේ ය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේ ය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේ ය.”

1 Minute
Democracy

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්.

0 Minute
Politics

හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?

සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය.

1 Minute
Politics

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු

අගරදගුරුවරයකු ලෙස ඔහු විසින් කරන ලද දෙවන ප්‍රකාශය ද ඉතා වැදගත්ය. මුලින් “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි,” යි කියූ ඔහු දෙවනුව ජාත්‍යන්තර වහබ්වාදයක් ගැන කියයි. වහබ්වාදය ආගමික අන්තවාදයක් නොවේද? “එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිස” ඔහු කියන පරිදි අන්තර්ජාතික දේශපාලනික බලවේගයකි. ඔච්චර දන්නවා නම් ඒ බලවේගය මොකක්දැයි ඔහු නොකියන්නේ ඇයි? ඒ ඇමරිකාවද? ඉන්දියාවද? චීනයද? වෙනත් රටක්ද? නැතිනම් යුරෝපා සංගමයද? මොකක්ද? කියන්න අගරදගුරුතුමනි.

1 Minute