රෙදි නැති කළ විස්ස

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් කෙසේ හෝ සම්මත කරගන්නා බව අපි දැන සිටියෙමු. බැසිල්ට ඇමරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්නට පුළුවන් සංශෝධනයක් වෙනුවෙන් ඔහු වියදම් නොකර සිටියි ද?
එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂට ද තමන්ගේ දේපල තිබෙන, පුතාගේ රට හා තමන්ගේ සැබෑ මව්රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිකම නැවත ලබාගත හැකි ය.
අදින් පසු කවදාවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවකින් සිදු නෙවන දෙය වන්නේ හැඟීම්බර වෙමින් පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක ය. තව අවුරුද්දක්වත් යනකල් කොරෝනා නිසා බැරි ය. ඉන් පසු ආර්ථික අර්බුදය නිසා බැරි ය. මේ ආණ්ඩුවේ මහජන ජනප්‍රියත්වය දිනෙන් දින දරුණු ලෙස පිරිහෙමින් තිබෙන නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ඔවුන්ට කිසි සේත් ම කළ නොහැකි ය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු වූ විරෝධයෙන් ම එය ප්‍රදර්ශනය විය.
ආණ්ඩුව 20වන සංශෝධනය සම්මත කරගත්තේ ජාතික ව්‍යාපාරය අවුල් කර දමමිනි. එය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග වැනි අයගේ නායකත්වය අර්බුදයට යවමිනි.
එසේම, ආණ්ඩුව බලයට ගෙන ඒමට තීරණාත්මක සහායක් ලබා දුන් පන්සල් අක්ෂයේ රැඩිකල් භික්ෂු නායකත්වය ද ආණ්ඩුවෙන් වෙන් වූ බව පෙනේ.
ආණ්ඩුව තුනෙන් දෙක ලබාගත්තේ මුස්ලිම් පක්ෂ සමග කුමන්ත්‍රණය කරමිනි. ඒ සඳහා රිෂාඩ් බදිඋදීන් සිරගත කිරීමේ නාට්‍යයක් ද නිර්මාණය කරන ලදී. රාවුෆ් හකීම් කරන්නේ හොඳ ඇමතිකමක් ලැබෙනකල් දෙපැත්ත කෑමයි. අරවින්ද කුමාර් වැනි වතුකරයේ නායකයන් දක්වා ම මේ කුමන්ත්‍රණය විහිදුනි. මිල දී ගන්නට හැකි වුණේ, විදේශ රටක සිට පැමිණ සමගි ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලබාගත්, එක් නාගරික සිංහල කාන්තාවක පමණක් වීම ආණ්ඩුව හා සිංහල ජනතාව අතර නිර්මාණය වෙමින් තිබෙන ගැටුමේ තරම පෙන්වයි.
ඩයනා ගමගේ විසින් පෙන්වා දුන් එක් වැදගත් දෙයක් තිබේ. එනම් ලංකාවේ ගැහැණුන්ට පාර්ලිමේන්තු නියෝජනය මොන ආකාරයකින් හෝ ලැබේ නම්, ඔවුන් ද පිරිමින්ටත් වඩා තුච්ඡ, නින්දිත චර්යාවන්ට සූදානම් බවයි. මෑත ඉතිහාසයේදී උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා හා කතානායක පුටුව බිම දමාගෙන කඩන්නට වෑයම් කළ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වූ නින්දිත චර්යාවන්ට ද වඩා කැතකම අතින් ඉහළ චර්යාවක් පෙන්නීමට ඩයනා ගමගේ සමත් වූවා ය.
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත.
Related News
4 thoughts on “රෙදි නැති කළ විස්ස”
Leave a Reply to Sarath warnakulasuriya Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- Ranjith Thilakasiri on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය
- Sarath warnakulasuriya on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- ජගත් පතිරණ on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Bea kiyanna bea wunath , Corona 19 ihalin wenjembena nisaa eakath beriya !
Bea kiyanna beriya . Corona 19 nisaa eakath beriya .
Diana may be act as Torjan role !