මහින්දානන්දය හෙවත් සිංහලුන්ට එකක්; මුස්ලිමුන්ට තව එකක්

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය.
මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදු වරදක් නැත.
එහෙත්, ඉන් මොහොතකට පසු දැන් මහින්දානන්ද කියන්නේ තමන්ට ඡන්දෙ නොදී එන්න එපා යයි තමන් මුස්ලිම් ජනතාවට තගක් දැමූ බවකි.
මේ අන්ත නින්දිත ලෙස ප්‍රජාවන් රැවටීම නොවේ නම් වෙන කුමක් ද?
අනෙක් පැත්තෙන් මෙම මුස්ලිම් පාසල් අලුතෙන් විවෘත කිරීම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියට ද පටහැණි ය. ලිංග, වර්ග ආදී පදනම්වලින් වෙන් කරන ලද පාසල් අලුතෙන් විවෘත නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මේ උන්දෑ රූපවාහිනී සංවාද වැඩ සටහන් වලට යන වාරයක් පාසා එක එක උන්දැලාට විරුද්ධව දාපු නඩුවලින් උසාවිය පිරිල ආයිබෝං!
Samaharu anduma andala hitiyata buddhiya chuttak ho athi ayata heluwa dakiya heka .
Ae wagema samaharu LA . UK . DUBAI . gamanaatha dakwa 18 daa yanna guwan prawesapath aragena kiyala kasu kusu thinawa. Ae aya kawda danne neha .