Health

ශ්‍රී ලංකාව, සමූහ ප්‍රතිශක්තිය හා සමාජ චර්යා

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම සමාජයේ අප සියලු දෙනා ද වර්තමානයේදී කටයුතු කරන ආකාරය මේ අනුව බැලූ කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූල නොවේ. රටේ ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කරවත් නැත. එහෙත් රජය පාසල් ද ඇතුළු සියලු අවකාශයන් විවෘත කරමින් සිටින්නේ රෝගය පැතිරීම වේගවත් වෙමින් තිබියදීය. මේ අතර කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩුවෙමින් තිබේ. කෝවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ තත්ව විශ්ලේෂණ දත්ත පුවරුවෙහි පසුගිය මාසයක පමණ කාලය තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ පිළිබඳ විස්තර ද අඩංගු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයේ වගකීම් විරහිතභාවය හා සමාජය එයට අනුගත වීම, ප්‍රශ්න නොකිරීම හා චර්යාවන් වෙනස් කර නොගැනීම බරපතල ගැටලු සහගත තත්වයකි.

1 Minute
Literature

මංගලය උදෑසන

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.

0 Minute
Politics

විමල් යනු රාජපක්ෂ මුල්ලිවයික්කාලද?

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.

1 Minute
Life

ළමයින්ට ශාරීරික දඬුවම් හෙවත් හැඳි ගා හැදූ හොදි

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.

1 Minute
Art

ජයලාල් රෝහණ හා ඔහුගේ රැඩිකල් මිතුරන්

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න.

0 Minute
Media

පුවත්පත් මණ්ඩල පනත් සංශෝධනය එන්නේ මොකටද?

ඒ අනුව පිහිටුවන ලද 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනතට අනුව පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණිලි විභාගයට අමතරව, පුහුණුව, පර්යේෂණ, ආචාරධර්ම සැකසීම ආදිය කළ හැකියි. එහෙත්, එහි ගැටලු තිබෙනවා. පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් කවුරුද යන්න එහිදී ප්‍රශ්නයක්. එහි සාමාජිකයන් හත්දෙනා අතරට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලබලයෙන් පත්වෙනවා. සෙසු හයදෙනා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ අතර එක් අයෙකු ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයෙක්, මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන අයෙක් එහෙම ඉන්නවා. එම සංගම්වලට නම් තුනක් යෝජනා කරන්නට පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එක් අයෙකු නම් කරනවා. ඒ අනුව, මේ සියලු දෙනාම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තෝරාගත් නියෝජිතයන්. මෙය තනිකරම ආණ්ඩුවේ මණ්ඩලයක්. මෙම පිරිස අතරින් එක් අයෙකු සභාපති ලෙස පත්කරන්නේත් ජනාධිපතිමයි.

1 Minute
Environment

දාරලුවේ පඬුකරඳ (හිමි)

මතභේදයට තුඩුදී තිබෙන ගස විද්‍යාත්මකව ඉවත් කර වඩා හොඳ තැනක ප්‍රතිස්ථාපනය කර සංරක්ෂණය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් බව පෙනෙන්නේ නැහැ. විරෝධතාවාදීන් බොහෝදෙනෙකුත් මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභවලට ලොල් අය. ඒ කෙසේ වෙතත්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රට ණය කරමින් දැන් කලක් තිස්සේ ඉදිරියට යන එකක්. එය අතරමග නවත්වා නොදැමිය යුතුයි. පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් කළ යුතුව තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට රජයට උපකාර කිරීම මිස රජයෙන් මස් රාත්තලම ඉල්ලා කඩාකප්පල්කාරී ලෙස හැසිරීම නොවෙයි. මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘති මේ රටට අවශ්‍යද යන්නත් ඊළඟට කල්පනා කළ යුතුයි.

1 Minute
Cartoon

69 ලක්ෂය තේරුම්ගැනීම

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.

1 Minute