Media

ප්‍රවෘත්ති මාධ්‍ය නිදහසට ලොකුම තර්ජනය මාධ්‍යකරුවන් සහ මාධ්‍ය හිමිකරුවන්

“ප්‍රවෘත්ති” “තොරතුරු” මහජන අවකාශයට (Public Sphere) අයිති දෙයක්. මෙතැනදි ප්‍රවෘත්ති කියන්නේ මහජනයා සතු පොදු දේපලක් (Public Good) වශයෙන් සැලකීම වැදගත්. ඒ නිසා ප්‍රවෘත්ති උපරිම මහජන යහපතට හේතු වන ආකාරයට නිෂ්පාදනය වීම ඉතාම වැදගත්. ප්‍රවෘත්ති මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවෘත්ති වෘත්තීය මාර්ගෝපදේශ (Code of Practice) භාවිතයට ගැනීම සහතික කිරීම, ප්‍රවෘත්ති මහජන පොදු දේපලක් ලෙස සැලකීමේ අනිවාර්ය සංඝටක.

1 Minute
International

ජාත්‍යන්තර වෙළඳාම හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා

චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි.

1 Minute
Health

සබන් යොදා දෑත් සේදීම මේ තරම් වැදගත් ඇයි?

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි.

1 Minute
Development

අවිධිමත් අංශයේ කම්කරුවාගේ කම්කරු දිනය

අවිධිමත් අංශයේ කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය වැනි කාරණාවලට වඩා ප්‍රමුඛ වන්නේ ඉහත දක්වන ලද ප්‍රශ්නයි. ශ්‍රම වෙළඳපොළේ නව ප්‍රවණතා සමග කම්කරු නීති ගැලපෙන්නේ නැත. අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටලු කිසිදු නීතියකින් ආමන්ත්‍රණය කරන්නේ නැත.

1 Minute
Life

බුර්කා තහනම් කරන්න තියෙන හදිසි උවමනාව

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය.

1 Minute
Life

ස්වාභාවික මරණයක් නිවසක් තුළ සිදුවුවහොත් දැන් කළ යුත්තේ කුමක්ද?

නිවසේ සිදුවන හදිසි මරණ සම්බන්ධයෙන්, කොවිඩ්-19 හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතා සංකීර්ණ ක්‍රමයකි. නිවසකදී ස්වාභාවික මරණයක් සිදුවුවහොත් දැන් කළයුතු වන්නේ පළමුවෙන්ම අදාළ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ගොස් මරණය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි.

1 Minute
Politics

සහරාන්ගේ මතය ද හැඩගැස්වූ බව කියන බුද්ධි අංශ සමග සම්බන්ධ ඔහු කවුරුද?

මෙම වීඩියෝව බලන්න. එහි තිබෙන්නේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයෙන් අනුප්‍රාණය ලබා මැලේසියාවේ ජිහාඩ් කණ්ඩායමක් නිර්මාණය කරන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්ව

1 Minute
Economy

කර්මාන්ත විනාශ කර දමන රාජ්‍ය ත්‍රස්තවාදය කටුපොල් ඇසුරෙන්

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ

1 Minute
Health

කෝවිඩ්-19 හමුවේ දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.

1 Minute