Education

අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි. ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා.

1 Minute
Health

පහසුකම් ඉල්ලා සෞඛ්‍ය සේවකයන්ට වර්ජනය කරන්නට වෙන්නේ ඇයි?

මේ මොහොතේ මේ රටේ රජයේ සේවයන් අතරින් ක්‍රියාත්මක වන්නේ අතළොස්සක් පමණයි. එසේ වැඩකරන අයට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. හරිහමන් අන්දමින් මුඛ ආවරණයක්වත් සපයන්නේ නැති වූ විට හා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට නිලධාරීන් සවන් නොදෙන විට ඔවුන් වර්ජනවලට යොමුවීම පුදුමයක් නොවෙයි.

1 Minute
Health

මේ එන්නත දෙන විදියෙන් වැඩක් නැහැ – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19න් මියයන රෝගීන්ගෙන් 73%ක් වයස අවුරුදු 60ට වැඩි බව ද, 83%කට වෙනත් රෝග හෝ වෛද්‍ය තත්වයන් දෙකකට වඩා ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ බව සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියකයි.

7 Minute
Politics

නැවෙන් කීයක් වන්දි ලැබෙයිද?

පාරිසරික හානිය වෙනුවෙන් ගෙවීමට සිදුවිය හැකි වන්දිය ඩොලර් මිලියන සිය ගණනක් විය හැකි බවට මත පළ වී තිබේ. කිසිදු හානියක් තවම නිවැරදිව තක්සේරු කර නැත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, වෙරළට මෙන්ම ධීවරයන්ට සිදුවන දිගු හා කෙටිකාලීන හානි වෙනුවෙන් ශ්‍රී ලංකාව වන්දි ලබාගැනීමට කටයුතු කළ යුතුය.

1 Minute
Politics

ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට; රටට ගැලපෙන සීමා

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්.

1 Minute
People

සමිත හිමි, ක්‍රිස්ටෝපල්, එසයිලම්, පළමු මන්ත්‍රී හිමි, සුනාමිය, රෝයල් පාක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය.

1 Minute
Politics

දිනෙන් දින සාමාන්‍යකරණය වන කොවිඩ්-19

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි.

1 Minute
News

ශ්‍රී ලංකාව අලුතින් වරනැගෙන ලක්ෂ්‍යය සොයන අන්තර්ජාල කතා සාප්පුවක්

2021 Invest Sri Lanka සමුළුවෙහි සන්නාම පාඨය වන්නේ Asia’s Next Growth Haven හෙවත් ආසියාවේ මීළඟ වර්ධන ක්ෂේම භූමිය යන්නයි. එය ඉතා උන්නතිකාමී සිහිනයකි. ඒ සඳහා විභවයක් ද ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වෙන යන්නට පාරක් නැති බව ද පුරවැසියන් අවබෝධ කරගැනීම අවශ්‍යය.

1 Minute
Politics

එන්නත්කරණය ඉදිරියේ ලෝකයේ යල්පැනගිය ලොක්ඩවුන් ලංකාවට දැමීම

ලොක්ඩවුන් මගින් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ හැකි බවට තිබෙන මතය යල්පැනගිය එකක් බවට පර්යේෂණ වාර්තා පළවී තිබේ. අගුලුලෑම් වැඩක් නැති බවක් එයින් කියවෙන්නේ නැත. ඒ සම්බන්ධයෙන් කියැවෙනුයේ අගුලුලෑම් වැනි ඖෂධීය නොවන ක්‍රියාමාර්ග සාර්ථක වන්නේ එන්නත් හා ප්‍රතිකාර වැනි ඖෂධීය ක්‍රියාමාර්ග සාර්ථක කරගන්නා තෙක් කල්ගැනීම සඳහා බවයි.

1 Minute
Disaster

ආපදා අවම කරන සෙන්ඩයි ආකෘතිය

ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි.

1 Minute