Politics

පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ.

1 Minute
Democracy

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ

අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ.

1 Minute
English

My life that is not entirely mine

This is the first of a series of writings on our life. We all like alike to peep into others lives through wicket gates. I like to watch the inside views of houses on roadsides during my evening bus rides. We cannot see the house interiors during the daytime due to light contrast. In the darkness outside, the illuminate open houses expose the family lives to curious people who sit near tall windows of buses. I am not particularly eager to put curtains to cover the doors and windows of my house, but my wife insists on them.

5 Minute
Life

මගේම නොවන මගේ ජීවිතය

මේක අපේ ජීවිත ගැන ලිපි පෙළක ආරම්භය. අපි කවුරුත් කැමතියිනෙ අනුන්ගෙ ජීවිතවල රහස් කවුළුවලින් එබිලා බලන්න. මං කැමතියි රෑට බස්වල යන ගමන් පාර අයිනෙ ගෙවල් ඇතුළ බලන්න. දවල්ට ආලෝකයේ පරස්පරයන් නිසා අපට ගෙවල් ඇතුළෙ කරන දේ පෙනෙන්නෙ නැහැ. ඒත්, රෑට එළියෙ අඳුරයි, ගෙවල් ඇතුළෙ එළියයි නිසා මිනිසුන් කෑම කන, දරුවන් සුරතල් කරන, රණ්ඩු වෙන, රූපවාහිනී බලන ජවනිකා අපට සිනමා දර්ශනයකදි වගේ පෙනෙනවා. බස්වල කවුළුව තරමක් උසින් පිහිටා තිබීමත් ඒකට උපකාර වෙනවා. මං කැමති නැහැ මගේ ගෙදර වුණත් ජනෙල් දොරවල් වැහෙන්නට තිර රෙදි එල්ලනවාට. ඒත්, මගේ බිරිඳ දැඩිවම ඒවා අවධාරණය කරනවා.

1 Minute
Politics

ආර්ථික ජාතිකවාදය හා ආර්ථික ජාත්‍යන්තරවාදය

මෙම ආර්ථික දැක්ම දෙකෙහිම හොඳ, නරක දෙකම තිබේ. ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මූලෝපායක් සකස් කරගැනීමේදී සලකා බැලිය යුත්තේ වර්තමාන අර්බුදය පමණක් නොවේ. මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා විසින් ගොඩනගා තිබෙන තත්වයන් ද, අනාගත විභවයන් ද සැලකිල්ලට ගත යුතුය.

0 Minute
Politics

බුද්ධංගල ආනන්ද හිමි හා පුනරුත්ථාපන කොමසාරිස් ආනන්ද වීරසේකර

– අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ

1 Minute
Tourism

සංචාරක කර්මාන්තයට බාධා ගොඩයි

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත.

1 Minute
Politics

අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්

ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සංකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය.

1 Minute
Politics

විසඳුම් හා විප්ලවය

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි.

1 Minute