Art

නිර්මාලීය ඉතිහාස කතිකාව සහ ආරාමදාස

ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි.

1 Minute
Politics

රාජ්‍ය සේවකයන් වර්ජනය කිරීම වැරදි වන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට

0 Minute
Politics

අර්බුදයට සංස්කෘතික විසඳුමක්

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය ආර්ථික අර්බුදයකට සීමාකර දකින්නට බොහෝදෙනෙකු කැමති බවක් දක්නට ලැබේ. එහෙත්, එය ආර්ථික අර්බුදය නිසා කැපීපෙනෙන දරුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අර්බුදයකි. මා එසේ කියන්නේ ඇයි?

1 Minute
People

සුනිල් මාධවකරණයේ දේශපාලනික මොහොත

මා සුනිල් මාධව සමග අරක්කු බී තබා හමුවී හෝ නැති බව කියන්නේ ආඩම්බරයෙනි. සුනිල් මාධව වැනි මිනිසුන් සමාජයේ මතක සිටිය යුත්තේ ලේඛකයන් ලෙසය. එහෙත්, දේශපාලනික මඩගොහොරුවක ගිලීම නිසා සුනිල් මාධව ප්‍රේමතිලක නම් ලේඛකයා පූර්ණත්වයට පත්වූයේ නැත. වෙනත් අය සුනිල්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙනීම වැදගත්ය. තමන්ගේ යුගය අවසන් වන්නට පෙර පුද්ගලයන් හැකියාවන්ගේ පූර්ණත්වයට පත්විය යුතුය. සුනිල් මාධව වැනි අය වෙනුවෙන් අපට පළ කළ හැකි හොඳම ගෞරවාචාරය එයයි.

1 Minute
Human Rights

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කටඋත්තරය පාපෝච්චාරණ සාක්ෂියක් බවට පත්කරන හැටි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

0 Minute
Matugama

හුජ්ජගල හා සක්කිලි ප්‍රජාව

අජිත් පැරකුම් ජයසිංහ මතුගම සක්කිලි ප්‍රජාවසක්කිලි ප්‍රජාවේ අය හැම නගරයකම විසිරිලා හිටියා. එක්දාස් නමසිය හැත්තෑගණන් දක්වා මතුගම සුළු නගර සභා

1 Minute
Politics

ගෝඨා ඇයි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී?

හේතුව සරලයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ වෙලාවෙ විපක්ෂයට ගේම දෙන්න පුළුවන් නියම ආයුදේ. විපක්ෂය මර්දනය කරන්න ගියොත් පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්. ඉදිරි මැතිවරණයකදී සජිත්, චම්පික, අනුර, රනිල් වෙනම ඉල්ලුවොත් රාජපක්ෂලා ගොඩ. මේ උපායමාර්ගය ඇතුළෙ ඉදිරි කාලයේදී චම්පිකගෙ නඩු වුණත් විසඳෙන්න පුළුවන්.

0 Minute
Cinema

හඳගමගේ ඇල්බොරාදා මා රසවිඳින හැටි

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි.

1 Minute
Crime

ත්‍රස්ත විරෝධී නව නීති ඇත්තටද? බොරුවටද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.

1 Minute
People

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.

1 Minute