Politics

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත

මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත.

0 Minute
Politics

කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි

අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය මේ වනවිට එය නිර්මාණය කිරීමට මුල්වූ ඇතැම් පාර්ශ්වවල පවා දැඩි අවධානයට ලක්වී තිබේ.

1 Minute
Politics

මොබ් එකෙන් එළියට ඇවිත් හිතමු

මොබ් එකක් යනු, අරමුණක් වෙනුවෙන් යොමුවූ, අසංවිධානාත්මක හෝ සංවිධානාත්මක, සැලසුම් කරන ලද හෝ ක්ෂණිකව පැනනැගුණු, ශාරීරික හා වාචික ශක්තිය මත ක්‍රියාමාර්ග ගන්නා, බුද්ධියට වඩා ආවේගවලට ප්‍රමුඛතාව දෙන, සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයකි. (අර්ථකථනය මගේය. කාගේවත් උපුටාගැනීමක් හෝ අදහස් සාරසංග්‍රහ කිරීමක් නොවේ.)

1 Minute
Poems

අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න

රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය.

1 Minute
Politics

ජුලි 9

ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි.

1 Minute
Politics

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි

1 Minute
Economy

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අනාගතයට වැදගත් වන හැටි

මෙම සංදර්භය තුළ, සාකච්ඡා පැවැත්වුණේ, මහේක්ෂ ආර්ථික අසමතුලිතතා නිවැරදි කිරීම, රාජ්‍ය සම්බන්ධ තිරසරභාවය යළි නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා තිබෙන අවස්ථා යථාවත් කිරීම සඳහා වන පරිපූර්ණ ආර්ථික වැඩසටහනක් කෙරෙහි අවධානය යොමුකරමිනි.

1 Minute
Crime

යුද හමුදාවේ කන්දකාඩු කඳවුර මත්ද්‍රව්‍ය වැරදිකරුවන් පුනරුත්ථාපනයට සුදුසුද?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද යන්නයි.

1 Minute
Politics

වී වෙනුවට රෝස සහ බූලිවලින් සම්බෝල කෙටීම

දැන් ඉස්සරහට ලියන ටික තමයි ඔයගොල්ලන්ට මළ පනින හරිය. ඒ කියන්නෙ, රනිල් තමයි රෝස. එහෙම කිව්වාම බලන්නකො රනිල්ගේ ලිංගික දිශානතිය ගැන තියෙන කතා එක්ක පවා රෝස පාට සමග තියෙන ඒක ගෑනු පාටක්ය ඒකාකෘතික සමාජ සම්මතයන්ගෙ තියෙන ගැලපීම. රෝස පාට පීඩිතයන්ගෙ පාට. රතු පාට රාජපක්ෂලාගේ ඊනියා කුරහන් පාටට කිට්ටු පාටක් වෙන්නෙ නිකම් නෙමෙයිනෙ. ඒවා පසුගාමී පීඩකයන්ගෙ පාටවල්.

1 Minute
Politics

අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය

“අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා,” යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

1 Minute