Politics

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

ශ්‍රී ලංකාවේ දේශපාලනික චලනයන් මෙම මූලෝපාය සමග සමපාත විය යුතුය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය අතිශය වැදගත් වන්නේ එහෙයිනි. එහෙත්, බොහෝ අයට පළාත් සභාවල මෑත ඉතිහාසය පවා අමතක වී තිබේ. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන ඇතැම් දේශපාලකයන් පළාත් සභා ඡන්ද පැවැත්විය නොහැකි අන්දමේ උගුලක් නිර්මාණය කිරීමට දායක වූ අය බව අපට නම් අමතක නැත.

1 Minute
Politics

රනිල්, අනුර හා නිර්මාල්

රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එක වැඩිද කියලා.

0 Minute
Politics

නොසැමරීම වෙනුවෙන් කළු ජූලිය ගැන ලියන සටහන

මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා. සිංහල මිනිසුන්ව විතරක් ජාත්‍යන්තර පරිමාණෙන්ම වරදකරුවන් කරන ව්‍යාපාරය මං නම් හිතන හැටියට ඒ තරම් අහිංසක නැහැ. ඒක එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ වෙන අය ඒ ගැන ගැඹුරින් සිතිය යුතුයි.

1 Minute
Life

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?

1 Minute
Politics

රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද?

හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියේය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්‍රශ්නයකි.

1 Minute
Life

ක්ලිටෝරියාවෙන් උපන් මූනීන්ද්‍රයා

නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි.

1 Minute
Politics

මං තනි අලියෙකුය කියන ‘අපි’ ගැන නොදන්න බබාලාට පණිවුඩයක්

අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න.

0 Minute
Politics

2022 ජුලි මාසය යනු කුමක්ද?

කෙසේ වෙතත්, ලංකාව මේ මොහොතේ සිටින්නේ දරුණු නායකත්වය අර්බුදයක් මැදයි. රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය මැද බැබළෙන්නේ ඔහුගේ දැක්ම, තික්ෂණ බුද්ධිය, තීරණ ගැනීමේ එඩිතරභාවය, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද හා ජාත්‍යන්තර පිළිගැනීම වැනි සාධක නිසාය. සහකම්පනය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ අය පවා ඔහුට චෝදනා එල්ල කරති. කුමන අඩුපාඩු තිබුණත්, මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අසලින් හෝ යා හැකි නායකයකු නොමැති බව පැහැදිලි සත්‍යයකි. ඔහු යටතේ නායකයන් බිහි වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ පවත්නා අරාජිකවාදී නිසරු පස මත එම අලුත් නායකත්වයන් මුල් අල්ලාගැනීම සඳහා කල් ගත වනු ඇත.

1 Minute
Health

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා

මේ මොහොතේ රෝහල්වල සිදුවන සියලු මරණ අධි සංවේදී ලෙස වාර්තා කිරීමේ මාධ්‍ය ප්‍රවණතාවක් තිබෙනවා. මේ මගින් උත්සාහ කරන්නෙ රෝගී මරණ පෙන්වමින් මහජනයා කුපිත කිරීමටයි. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්විකව, පසුව බොරු බව ඔප්පු වෙන කරුණු ඉදිරිපත් කරනවා. පසුව නිවැරදි කිරීමක් සිදුවන්නේම නැහැ. එය පසුපස තිබෙන්නේ කඩාකප්පල්කාරී හා අරාජිකවාදී දේශපාලනයක්.

1 Minute
Life

මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ.

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.

0 Minute