Killings at the end of the war in Sri Lanka

ඔහු මරා දැමූ මිනිසා – The Man He Killed කවියේ පරිවර්තනය

Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ

ඔහුත් මාත් මෙහි නොව
කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම්
අප වාඩි වී අඩියක් ගසනු ඇත
රවුම් ගණනක් ම බොනු ඇත

ඒත් අපි හමුදා දෙකක
මුහුණට මුහුණ සටනේ
මම ඔහුට වෙඩි තැබුවෙමි
එතැනම මරා දැමුවෙමි

මා ඔහු මරා දැමුවේ
ම්…. ඔහු මගේ සතුරා නොවැ
ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා
තේරුණා නේද, ඔහු මගේ සතුරා

මං හිතන්නේ ඔහුත්
මං වගෙම වෙන්න ඇති
රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
ඒ මදැයි හේතුව බැඳෙන්නට

යුද්දෙ හරි අමුතුයි නේ
එහිදි ඔබ මරන මිනිහා
හමු වුණා නම් තැබෑරුමක
අඩියක් ගසා සාක්කුවටත් 
කීයක් හෝ දමනු ඇත

-අජිත් පැරකුම් ජයසිංහ
2017 – 05 -18

(තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි)

The Man He Killed

BY THOMAS HARDY

“Had he and I but met
By some old ancient inn,
We should have sat us down to wet
Right many a nipperkin!

“But ranged as infantry,
And staring face to face,
I shot at him as he at me,
And killed him in his place.

“I shot him dead because —
Because he was my foe,
Just so: my foe of course he was;
That’s clear enough; although

“He thought he’d ‘list, perhaps,
Off-hand like — just as I —
Was out of work — had sold his traps —
No other reason why.

“Yes; quaint and curious war is!
You shoot a fellow down
You’d treat if met where any bar is,
Or help to half-a-crown.”

2017දී මෙම කවිය මුලින් පළ කළේ W3Lanka බ්ලොග් අඩවියේය. එම අවස්ථාවේදී එය විශාල පිරිසක් විසින් බෙදාගන්නා ලදී.

Creative Content Consultants