children of Sri Lanka

මේ ප්‍රාණ මිතුදම් වී අලුත් රැඳේවා අහසේ සිත්

අජිත් පැරකුම් ජයසිංහ

ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ. මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි:

අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතක අපි ඒ අදහස හා තනුව අනුව යමින් සිංහල ගීයක පද ලියන්නට උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න.මෙය ප්‍රසිද්ධ auld lang syne කියලායි. ඒ කියන්නේ බොහෝඈත කාලයක සිට කියන අරුතයි.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

CHORUS:
For auld lang syne, my dear,
for auld lang syne,
we’ll take a cup of kindness yet,
for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.

මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්

CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
අපි මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
බෝ ඈත කාලෙ සෙයින්

මේ ඊෂා ජංගම දුරකථනයකට සවි කළ හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයකින් නිකමට කළ ගායනයක්.

අමරදේවයන් මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කිරීම සඳහා පාදක කර ගත්තේ ලෝකයේ මේ ප්‍ර‍සිද්ධම අවුරුදු ගීයේ තනුවයි. එය ලොව තවත් රටවල් රැසක් විසින් සිය ජාතික ගීයේ තනුව සඳහා පාදක කරගෙන තිබෙනවා.

https://www.youtube.com/watch?v=sBon56FZAbA&feature=emb_logo