Praja.lk and Praja.media belong to Praja Media and Social Network advocating for positive social change through a bottom-up approach.

Our vision is to create a progressive human who is a non-chauvinist, who respects and upholds human rights, who works untiringly towards social change for a better world and who is ready to be the change. `

We are against chauvinism in forms of gender, religion, ethnicity, nationality, language, class, intellectualism, school and many other such types. We respect rights but sorry, we do not tolerate a right of being foolish. We are biased towards wise people and the people who want to free themselves from ignorance.

We are not idealistic. Don’t call us by names like liberals, democrats or socialists. We admire freethinking. For us, change is not fantasy but it is the achievable reality.

We encourage innovation and entrepreneurship, free but regulated market and fair profit. This is a space for a wise customer who knows the difference between consuming and consumerism.

Praja.lk සහ Praja.media අයත් වන්නේ පහළ සිට ඉහළට විහිදෙන ප්‍රවේශයකින් සමාජ වෙනස වෙනුවෙන් මැදිහත් වන ප්‍රජා මාධ්‍ය සමාජ ජාලයටයි.

අපගේ දැක්ම වන්නේ ස්වෝත්තමවාදී නොවන, මානව හිමිකම්වලට ගරු කරන හා ඒවා ඔසවා තබන, වඩා යහපත් ලෝකයක් දෙසට සමාජය වෙනස් කිරීම සඳහා වෙහෙස නොබලා වැඩ කරන, තමා ම වෙනස වන්නට සූදානම් ප්‍රගතිශීලී මිනිසකු නිර්මාණය කිරීමටයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා, ආගම, ජනවර්ගය, ජාතිය, භාෂාව, පන්තිය, අධ්‍යාපනය, උගත් පාසල සහ වෙනත් විවිධාකාර වූ පදනම් මත නිර්මාණය කරගන්නා සෑම ආකාරයක ම ස්වෝත්තමවාදයන්ට අප විරුද්ධ ය. අපි මානව හිමිකම්වලට ගරු කරනමුත්, මුග්ධ වීමට තිබෙන අයිතිවාසිකමක් තිබේ නම්, අප එයට ගරු කරන්නේ නැත. අපි බුද්ධිමත් සහ මුග්ධභාවයෙන් නිදහස් වීමේ උවමනාව තිබෙන ප්‍රගතිශීලී ජනතාවට පක්ෂපාතී ය.

අපි දෘෂ්ටිවාදීන් නොවෙමු. අපට ලිබරල්වාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන්, සමාජවාදීන් වැනි නම් යොදන්න එපා. අපි නිදහස් චින්තනය අගයන්නෙමු. අපට අනුව, වෙනස යනු මායාවී සිහිනයක් නොව අත්පත් කරගතහැකි යථාර්ථයයි.

අපි නවෝත්පාදනය හා ව්‍යවසායකත්වය ද, නිදහස් එහෙත් නියාමනය කරන ලද වෙළඳපොළ ද, සාධාරණ ලාභය ද දිරිගන්වන්නෙමු. මෙය පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස දන්නා බුද්ධිමත් පාරිභෝගියකුගේ අඩවියකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.