Health

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

එන්නත් විසින් කරනු ලබන්නේ ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනු ලැබේ. කෝවිඩ්-19 එන්නතේදී එය එම රෝගය බෝකරන වයිරසයට බොහෝදුරට සමානය. ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය සිරුර විසින් තර්ජනයක් ලෙස සලකන නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එයට එරෙහිව ප්‍රතිදේහ (antibody) නිපදවනු ලැබේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රෝටීනයි.

1 Minute
Politics

ජාතික කොඩිය හා ඩම්පිං

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.

1 Minute
Economy

අර්ථශාස්ත්‍ර 2: රාජ්‍යය ප්‍රමුඛතාවය දියයුත්තේ කුමටද?

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි.

1 Minute