සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන

ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.

News Detail

රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි.

News Detail

වාසු ගැන නිව්ස් එකක්

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි.

News Detail

අන්ෆ්‍රෙන්ඩ් කරන බොත්තම

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද කවියකි.

News Detail

ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු.

News Detail

මෙමෝරියලයිසේෂන් හා ස්මාරක

පොදු ස්ථානවල ස්මාරක ඉදිකිරීම විධිමත් අන්දමින් සිදුකළ යුතුය. එහෙත්, විධිමත් හෝ අවිධිමත් හෝ ආකාරයකින් ඉදි කර ඇති යම් ස්මාරකයක් තිබේ නම්, එය ඉවත් කළ යුත්තේ ද ඉතා විධිමත් ආකාරයටයි. බුල්ඩෝසර්වලට සිමෙන්ති හා යකඩ සුණුවිසුණු කරන්නට හැකිය. එහෙත්, මතකයන් එහෙම විනාශකරන්නට බැරිය. බුල්ඩෝසර් විසින් ඇත්තෙන්ම කරනු ලබන්නේ අලුත් මතකයේ රඳවා තබාගැනීම් නිර්මාණය කිරීම විය හැකිය.ච

News Detail

සංචාරක කර්මාන්තය තුළ කොවිඩ්-19 මැදින් මතුවන ආපදා ධනවාදය

සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නට දරන උත්සාහයන් තුළ මේ සියලු පාර්ශ්වකරුවන්ට අවස්ථා හිමි විය යුතුය. කොවිඩ්-19 ආපදාව සංචාරක කර්මාන්තය තුළ මහා සමාගම් ආධිපත්‍යය තහවුරු කරගන්නා ආපදා ධනවාදයක් නොවිය යුතුය.

News Detail

කියාගන්නට බැරි සිහින

ඔබත්, මාත්, කවුරුත් දකින සිහින ගැන කවියක්

News Detail

රාජ්‍ය පාලනයේ අලුත් සිතීමක් සඳහා අර්ථශාස්ත්‍ර

අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.

News Detail

සංචාරක කර්මාන්තයේ හිඟන්නාගේ පාත්තරයට වැහුණ රාජපක්ෂ පවුල

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්.

News Detail