එන්නත වෙනුවට සමූහ ප්‍රතිශක්තිය

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි.

News Detail

අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට

පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය

News Detail

කොවිඩ් මළසිරුරු බලෙන් පිච්චීම හා ජාත්‍යන්තර බලපෑම මත වළලන්නට ඉඩදීම

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?

News Detail

එන්නත ගත්තාම ඉන්න ඕනැ විදිය (WHO උපදෙස් ඇසුරෙන්)

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් නිසා අතුරු ආබාධ ඇතිවෙන්නට පුළුවන්. කුඩා දරුවන්ට එන්නත් ලබාදුන් පසුව පවා ඔවුන්ට අමාරුකම් ඇතිවෙනවා. ඒත්, ඔවුන්ට ඒවා කියාගන්නට බැහැ. කෝවිඩ්-19 එන්නත නිසාත්, උණ, සීතල, හිසරදය, මහන්සිය, ඇඟපත රිදීම, ඔක්කාරය වැනි අතුරු ආබාධ ඇතිවන්නට පුළුවන්. ඒ වගේම, ශරීරයේ එන්නත ලබාදුන් ස්ථානය රතුවීම හෝ එම ස්ථානයේ වේදනාව හෝ ඇතිවිය හැකියි.

News Detail

සාලිය පීරිස්ගේ ජයග්‍රහණය තේ කෝප්පයේ කුණාටුවක් පමණක්ද?

මේ සමග පළවන ඡායාරූපය අප අධිනීතීඥ සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන මෙහි පළ කළේ විශේෂ හේතුවක් මතය. නිකවැරටිය අධිකරණ භූමිය අසල පිහිටා ඇති මෙම නීතීඥ කාර්යාල විසින් නීති වෘත්තිය ගැන කතාවක් නිහඬව කියයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් මහතා ඒ පිළිබඳ සංවේදී විය යුතුය. නීති වෘත්තිය තුළ සිදුවිය යුතු සංවර්ධනයන් රැසක් තිබේ.

News Detail

අයිතිය වෙබ් අඩවිය සමග ප්‍රජා සංස්කාරක (වීඩියෝ)

සමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.

News Detail

පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ.

News Detail

ලන්ඩනයේ කළු බැලුන් හා වර්ග සංහාර චෝදනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ්

News Detail

කොවිඩ්-19 සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙනු

තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය.

News Detail

ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

චීනය, කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මෙවැනි යෝජනා සම්මතයන් රැසක් දැනටමත් නොතකා හැරදමා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියත්, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට ලක්වෙනු ඇති.

News Detail