Politics

මුස්ලිම් අවස්ථාවාදය ජාතික දේශපාලනයෙන් දුරුවන ලකුණු

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.

1 Minute
Health

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය.

1 Minute
Crime

කොවිඩ්-19 රෝගී සිරකරුවන් පවා මරන රටක්

රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”

1 Minute
Opinion

වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න

වසංගත මර්දනයේ මුවාවෙන් හමුදා, පොලිස්, සෞඛ්‍ය හා මාධ්‍ය මෙහෙයුම් හරහා රෝගීන්ගේත්, ආශ්‍රිතයන්ගේත්, පොදු සමාජයේත් මානව හිමිකම් උල්ලංඝනය නැවැත්වීමට මෙවර මානව හිමිකම් දිනයේ තේමාව උපයෝගී කරගත යුතුයි.

1 Minute
Crime

මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ ‘විනය, ඉවසීම හා සංවේදීකම’

මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

1 Minute
Health

කොරෝනා නසන පැණියේ තිරය පිටුපස කතාව

බටහිර ආධිපත්‍යවාදයට යටත් වූ පළියට අපගේ ජීවිත සාර්ථක වුණාද? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. අපේ වර්තමාන කාලකණ්ණිකමට හේතුව බටහිර විසින් අපට පැටවූ දේ යයි සිතීම ලෙහෙසිය. පෘතුගීසීන්, ලන්දේසීන් හෝ ඉංග්‍රීසීන් නොආවා නම් අපට මීට වඩා සාර්ථක ජීවිත අත්පත් වනු ඇතැයි ද එසේ වී නම් මෙසේ වනු ඇතැයි පරිකල්පනය කරගැනීම ද වර්තමාන කටුක යථාර්ථයට මුහුණදීමට වඩා ලෙහෙසිය. අතීතය ගැන මෙම පරිකල්පනයන් තුළ අපට සුන්දර ලෝකයක් හමු වේ. එහි බුද්ධදාස පරපුරේ වෙදකම් ද, අංගම්පොර ද, හාස්කම් ද, යෝධයෝ ද, වීරයෝ ද, ඉසිවරු ද, තවත් බොහෝ විස්මිත, සුන්දර දේ ද අපට හමු වේ. අතීතකාමී ඉතිහාසය ද, ප්‍රබන්ධ සාහිත්‍යය, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා ආදිය ද අතර වෙනසක් නැත.

1 Minute
Crime

ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය මර්දනයේ කතාව

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම පිළිබඳ ආණ්ඩුවේ කයිවාරු කොතරම් වුණත්, රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවක් නම් නොපෙනේ. එසේම, රට තුළට ගෙන්වා බෙදාහැරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය තොගවල වටිනාකම රුපියල් බිලියන ගණන්ය. ඒ අසුවෙන ඒවාය. අසු නොවන ඒවා ගැන දන්නේ කවුරුද?

0 Minute
Politics

මෙතෙක් කතාව හා අද එතැන් සිට

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි.

1 Minute
Life

1978 සුළිසුළඟෙ අතුරු කතාවක්

1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා.

1 Minute
Crime

බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය. මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය.

1 Minute