Politics

පළාත් සභා මැතිවරණය සම්බන්ධ ව්‍යවස්ථා ගැටලුව

දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එම සීමා නිර්ණය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවා දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා

0 Minute
Politics

හෙල්පිං හම්බන්තොට සිට බේබි-81 දක්වා සුනාමි වංචා

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි

1 Minute
Poems

පසුපසින් එන නුඹ

අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන

1 Minute
Life

මළසිරුරු බලෙන් පිළිස්සීමේ ප්‍රතිපත්තියේ කොන්ද කැඩූ පුංචි පිදුරු ගහ

කොවිඩ්-19 වයිරසයට ජාති, ආගම් ආදී වෙනස්කම් නැත. එහෙත්, පන්තිමය වෙනසක් නම් පැහැදිලිවම තිබේ. කොවිඩ්-19 වැඩිපුරම ආසාදනය වන්නේත්, එයින් මියයන්නේත් දිළිඳු පවුල්පල ජනයායි. එයට හේතු පැහැදිලිය. ගෙවල්වල මීටරේ පරතරේ තබාගෙන ජීවත් වීමට තරම් ඉඩකඩ නැත්තේ ඔවුන්ටය. බස්වල තදබද වී ගමන් බිමන් යන්නට සිදුවන්නේ ඔවුන්ටය. අවදානම නොතකා දවසේ ආදායම වෙනුවෙන් රැකියා කරන්නට සිදුවන්නේ ඔවුන්ටය. මාස්ක්, සැනිටයිසර් ආදිය පවා මිලදී ගන්නට මුදල් නැත්තේ ඔවුන්ටය.

1 Minute
Politics

අලුත් දේශපාලන මුලපිරුම් සඳහා කාලයක්

වත්මන් පාලනය සමග ගැටෙන්නට නොගොස් ඔවුන් පොරකා උදුරාගත් රාජ්‍ය පාලන වගකීමේ රස බලන්නට හා හැදෙන්නට හෝ නැතිවන්නට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදිය යුතුය. බලය අල්ලාගැනීම තමන් විසින් ගොඩනගාගන්නා ලද මුග්ධ බලවේගයට ඔවුන් සමග ගනුදෙනු බේරාගන්නට ඉඩදිය යුතුය. අප අරගල කළ යුත්තේ හැකිතරම් ජනතාව ඒ මෝඩ පොකුරෙන් ගලවාගන්නටය. කාලය විසින් බොහෝ දේ විසඳා දෙන නිසා අප එතරම් කලබල විය යුතු නැත.

0 Minute
Governance

මයික් කඩා අත කපාගත් දිලුම් පොල්ලක් ගෙන මෝටර් ප්‍රවාහන වළං කඩේට පනියි

රාජ්‍ය අංශයේ ආයතනයක් සම්බන්ධයෙන් මෙම වෘත්තිකමය නොවන අපරිණත දේශපාලන මැදිහත්වීමට වැඩිපුර සම්බන්ධ බව පෙනෙන්නේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමයි. නිලධාරීන් මාරුකිරීමේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඔහු දැවැන්ත ප්‍රචාරයක් ගන්නට උත්සාහ කරන බව පෙනේ. 2018 වසරේදී දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ කතානායක මේසයේ මයික්‍රෆෝනයක් අතින් කඩන්නට ගිය දිලුම් අමුණුගම අත ද කපා ගත්තේය.

1 Minute
Uncategorized

ගොන්කම්වල මිල ගෙවන කාලය

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.

0 Minute
Politics

ධම්මික පැණිය හා පැණි දේශපාලනය

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?

1 Minute
Politics

චම්පකය

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත.

0 Minute