Health

‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!’ ප්‍රතිපත්තිය

ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත.

1 Minute
Politics

වෙන රටවල් ටෙස්ට්! ශ්‍රී ලංකාව ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!

අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය

1 Minute
Politics

වයිරසයෙන් ආරක්ෂාවේ වගකීම ජනතාවට දී ආණ්ඩුව ආර්ථිකය කඩාකප්පල් නොකර සිටිය යුතුය

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය.

1 Minute
Politics

අපේ බොරුවලට අප ම රැවටීම හා බදුර්දීන් නිදහස් වීම

රිෂාඩ් බදිඋදීන් වැනි දේශපාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් අනිවාර්යයෙන් ම අන්තවාදීන් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒවා විමර්ශනය කළ යුතුය. එහෙත්, ඔවුන් පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ බවක් හෝ එම සැලසුම් පිළිබඳ කිසිවක් දැන සිටි බවක් හෝ එයින් අදහස් වන්නේ නැත. ඒ නිසා රිෂාඩ් බදිඋදීන්ගේ සොහොයුරා විමර්ශනයෙන් පසු නිදහස් වීම ගැන පුදුම විය යුතු නැත.

1 Minute
Life

මත්වීමේ වර්තමානය

අජිත් පැරකුම් ජයසිංහ මිනිසුන්ගේ මත්වීමේ ඉතිහාසය ඈතම ඈත අතීතය දක්වා විහිදෙයි. මත්වීමට ලොල් මිනිසුන් පමණක් නොවේ. ඇතැම් සතුන් ද මතට

0 Minute
Politics

සීතගෙ කුඩේ හා සීතාම්බරපට

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළට එරෙහිව සමාජ මාධ්‍යවල දැවැන්ත විරෝධයක් පැනනැගී තිබේ. මෙම විරෝධය ප්‍රධාන වශයෙන් ම මතු වී තිබෙන්නේ ඇගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඇගේ පෞද්ගලික පරිහරණය සඳහා කුඩයක් සහ විදුලි ලාම්පුවක් ඉල්ලා සිටීමයි.

1 Minute
Politics

ලංකාවේ නමට සමාජවාදී කෑල්ලක් එකතු වුණ හැටි

අජිත් පැරකුම් ජයසිංහ ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් නව ලිබරල් ශ්‍රී ලංකාවක් සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නම ‘ශ්‍රී

1 Minute