73 හැවිරිදි මහින්ද රාජපක්ෂ මහතාට හා 66 හැවිරිදි ශිරන්ති නෝනාට ඇත්තෙන් ම දරුවන් හැදිය හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ

පදලංගල ධම්මදේව හිමියන් විසින් මහින්ද රාජපක්ෂ මහතාට දරුවන් හදන්නට තිබෙන හැකියාව ගැන පසුගියදා කළ කතාවක් නිසා සමාජ මාධ්‍යවල සුවිසල් කතිකාවක් ඇති වුණා.

Sinhala Tamil English Translations and Content Writing

ශිරන්ති නෝනා කැමති නම් මහින්ද රාජපක්ෂ මහතාට අදත් වැඩේ පුළුවන් බව පදලංගල ධම්මදේව හිමි පැවසුවේ ය. ඔහු අදහස් කළේ දරුවන් හැදීමේ හැකියාවයි.

ඒ හිමියන් විසින් පවත්වන ලද කතාවෙහි වැදගත්කම අප දකින්නේ වෙනත් කෝණයකින්. මෙවැනි ආන්දෝලනාත්මක ප්‍ර‍කාශ සමාජයේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය දැනුම ඉහළ නැංවීම සඳහා සාකච්ඡාවට පාදක කරගත හැකියි.

හාමුදුරුවන් කියන මේ කතාව ඇත්ත ද? ඒ පිළිබඳ විද්‍යාත්මක තත්වය පැහැදිලි කරන මා ලියූ ලිපියක් අපි ivoice.lk වෙබ් අඩවියෙන් උපුටාගෙන මෙහි නැවත පළ කරනවා. එම වෙබ් අඩවිය ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව දැනුම හා තොරතුරු සන්නිවේදනය කිරීමට ම වෙන් වූ වෙබ් අඩවියක්.

වැඩිහිටි පිරිමින්ට දරුවන් බිහි කරන්නට තියෙන ශක්තිය පිළිබඳ යම් අදහසක් පූජක පක්ෂය වෙතින් පළ වීම නිසා පසුගිය දිනවල ලංකාවේ සමාජ මාධ්‍යවල කතිකාවක් ඇති වුණා. වැඩිහිටි පිරිමින්ට දරුවන් හදන්නට බැරිකමක් නැති වුණාට, ඔවුන්ගේ වැඩිහිටි සහකාරියන් කැමති වුණත් ඔවුන්ට දරුවන් බිහි කරන්නට බැරිකම තමයි සාමාන්‍ය තත්වය.

අප මේ උත්සාහ කරන්නේ මේ කාරණය හා සම්බන්ධ විද්‍යාත්මක හා සමාජමය වශයෙන් වැදගත් කාරණාවක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නටයි. ආර්තවහරණය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? 

ආර්තවය යනු කාන්තාවන් වැඩිවිය පැමිණීමෙන් පසු ඔවුන්ගේ ප්‍ර‍ජනන පද්ධතිය ආශ්‍රිතව සිදු වන ක්‍රියාවලියක් බව ඔබ දන්නවා. මෙය නතර වීම තමයි ආර්තවය කියන්නේ. එයට ඉංග්‍රීසියෙන් මෙනපෝස් යයි කියනවා. 

කාන්තාවක් ආර්තවහරණයට පත් වන සාමාන්‍ය වයස හතළිස් ගණන්වල අග හරියේ සිට පනස් ගණන්වල මුල අවධිය දක්වා වෙන්නට පුළුවන්. හැබැයි, කලාතුරකින් මෙය ඕනෑම වයසකදී වෙන්නට පුළුවන්. අවම ලෙස අවුරුද්දක් මාසික ඔසප් වීම සිදු නොවේ නම් එය ආර්තවහරණය විය හැකියි. 

ආර්තවහරණයත් සමග ප්‍ර‍ජනන පද්ධතියේ ඩිම්බ කෝෂ අක්‍රිය වෙනවා. ඒ සමග සිදු වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් ශරීරයට බලපෑම් රැසක් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඊස්ට්‍ර‍ජන් හෝමෝනය අඩු වීම නිසා ශරීරයේ අස්ථි දිරා යාම වේගවත් කරනවා. මෙය ඔස්ටියොපොරෝසිස් ලෙස හැඳින්වෙනවා. ඒ නිසා පහසුවෙන් අස්ථි බිඳෙන්නටත්, කුදු වීම, කොන්දෙ කැක්කුම, අතපය වේදනා ආදිය ඇති වන්නටත් පුළුවන්.  

යම් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කරන්නට සිදු වුණොත් මාසික ඔසප් වීම නතර වෙනවා. ඒ වුණත්, හෝමෝනවල වෙනසක් ඇති වන්නේ නැහැ.  

ආර්තවහරණය ආසන්න වන විට කාන්තාවක තුළ පහත දැක්වෙන ලක්ෂණ ඇති වන්නට පුළුවන්. වරින් වර ඇඟ උණුසුම් වී දහදිය දැමීම, අධික හෘද ස්ඵන්දනය, ඔසප් වීමේදී අධික හෝ අඩු රුධිර වහනය, අතපය වේදනා, මානසික ගැටලු, නින්ද යාමේ ගැටලු, මුත්‍රා ආසාදන හා ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි උදාසීනත්වය එ් අතර තිබෙනවා. 

පිරිමින් ද වියපත් වන විට මෙවැනි තත්වයකට මුහුණ දෙනවා. එය මේල් මෙනපෝස් හෙවත් ඇන්ඩ්‍රොපෝස් ලෙස හැඳින්වෙනවා. එහෙත් එය කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ අක්‍රිය වීම වැනි දෙයක් නෙමෙයි. එහිදී සිදු වන්නේ ප්‍ර‍ධාන පිරිමි හෝමෝනය වන ටෙස්ටස්ටරෝන් නිෂ්පාදනය ක්‍ර‍මානුකූලව අඩු වීමයි. එය නිෂ්පාදනය වන්නේ වෘෂණ කෝෂවලයි. පිරිමි ලක්ෂණ, ලිංගික ආශාවන්, කායික හා මානසික ශක්තිය, ශරීරයේ මස්පිඬුවල හැඩය, සටන්කාමිත්වය වැනි දේ හැසිරවීමේදී මේ හෝමෝනය ඉතා වැදගත් වෙනවා.

කාන්තාවන්ගේ ආර්තවහරණය තරම් වේගවත් පරිවර්තනයක් නොවුණත්, මේල් මෙනපෝස් වීමත් පිරිමි සිරුරේ ක්‍ර‍මික පරිවර්තනයක් සිදු කරනවා. 

කාන්තාවන්ගේ ආර්තවහරණයේදී මෙන් ම පිරිමින්ගේ වියපත් වීම සමග සිදු වන පුරුෂ ශක්තිය දුබල වීම නිසා ද දරුවන් හැදීමේ හැකියාව අඩු වී යයි. එහෙත්, එය කාන්තාවන්ගේ තරම් වේගයෙන් සිදු වන්නේ නැත. 

(කවරයේ ඡායාරූපයථ REUTERS / දිනුක ලියනවත්ත)

Call 077 1734470 for Sinhala Tamil English Translations