keyboard picture

සිංහල ටයිප් කරන හැටි මුල සිට

සිංහල අකුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එම වර්ග දෙක යුනිකෝඩ් සහ යුනිකෝඩ් නොවන ලෙස වර්ග කළ හැකියි.

යුනිකෝඩ් නොවන අකුරු තමයි මුලින් ම භාවිතයට පැමිණියේ. උදාහරණයක් තමයි FM fonts. සුලබව භාවිතා වන අභය, අභය බෝල්ඩ්, මලිති, දෙරණ, බාසුරු වැනි මනහර පරිගණක අක්ෂර නිර්මාණය කළේ The Font Master සමාගමෙන්. එහි නිර්මාතෘවරයා වන්නේ පුෂ්පානන්ද ඒකනායක මහතායි. ඔවුන්ගේ වෙබ් පිටුවට මෙතනින් යොමුවන්න. isiwara.lk. ඔහුගේ FM අභය, මලිති ඇතුළු ෆොන්ට් මුලින් ම නිකුත් වුණේ 1997 දීයි.

යුනිකෝඩ් නොවන අකුරු ග්‍රැෆික් ඩිසයින්වලදී සුලබව භාවිතා වෙනවා. එයට හේතුව වන්නේ ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වැනි ග්‍රැෆික් ඩිසයින් මෘදුකාංග සමග යුනිකෝඩ් අක්ෂර භාවිතා කරන්නට බැරි වීම. ඒ නිසා මුද්‍රණ කටයුතුවලදී යුනිකෝඩ් අක්ෂර භාවිතා කරන්නට බැහැ.

එහෙත් යුනිකෝඩ් නොවන අක්ෂර පරිගණක බුද්ධියට කියවා අර්ථය උකහාගන්නට බැහැ. අදාළ ෆොන්ට් වර්ගය පරිගණකයේ ෆොන්ට් ෆෝල්ඩරයේ නැතිනම් ඒවා පරිගණකයේ දිස් වන්නේ සංකේත ගොඩක් ලෙසයි.

යුනිකෝඩ් අක්ෂරවල විශේෂම ලක්ෂණය වන්නේ ඒවා පරිගණක බුද්ධියට කියවා අර්ථය උකහාගන්නට හැකි වීමයි. වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ආදියේ භාවිතා වන්නේ යුනිකෝඩ් අකුරුයි. එහෙත්, යුනිකෝඩ් අක්ෂර වර්ග කීපයයි තියෙන්නේ. ඉස්කෝල පොත සහ මලිති එවැනි වර්ග දෙකක්.

සිංහල අක්ෂර නිර්මාණයේ ප්‍රවීණයකු වන පුෂ්පානන්ද ඒකනායක මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මෙතනින් කියවන්න.

විවිධ අකුරු හැඩ නොමැති වීම යුනිකෝඩ්වල දුර්වලකමක්, පෙබරවාරි 27, 2016 – දිනමිණ >>

මේ ලිපියත් සිංහල අක්ෂර කලාවේ පුෂ්පානන්ද ඒකනායකගේ කාර්යභාරය හඳුනාගන්නට උපයෝගී කරගත හැකි රසවත් ලිපියක්.

පුෂ්පානන්දගේ අක්ෂර බන්ධනය, මැයි 31, 2019 – අනිද්දා

https://www.anidda.lk/%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BB/

දැන් අපි සිංහල යුනිකෝඩ් අක්ෂර භාවිතාව වෙත යොමු වෙමු. අපට අන්තර්ජාලයේ කටයුතු සඳහා අවශ්‍ය ඒ අක්ෂර විශේෂයයි.

ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වැනි පරිගණකයක සිංහල භාවිතා කරන හැටි මෙම ලිපියේ දැක්වෙනවා. එය හොඳින් කියවා තේරුම් ගන්න.

සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ පරිගණකයට

සිංහල අක්ෂර ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක භාවිතා කරන්නට කළ යුතු දේ මෙම ලිපියේ දැක්වෙනවා.

සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට

සිංහල අක්ෂර භාවිතය ගැන මූලික දැනුම මෙම ලිපි දෙකේ තිබෙනවා. අප ඔබට නිර්දේශ කරන්නේ විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්නටයි. ඒ ඇයි කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඔබට වෙනත් ආකාරයක යතුරු පුවරුත් භාවිතා කළ හැකියිනේ. විශේෂයෙන් ම කටහඬ අනුව ටයිප් වන යතුරු පුවරුවකුත් ඔබට තිබෙද්දී ඇයි අපි විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්නැයි ඔබට කියන්නේ? එය ඔබට ප්‍රශ්නයක් නේද? ලේසි ක්‍රම තියෙද්දි මොකටද අමාරු ක්‍රම පුරුදු වෙන්නේ? ලේසි ක්‍රම භාවිතා කරන්නට ඔබට නිදහස තිබෙනවා. එහෙත්, ඔබට වෘත්තීය මට්ටමේ අන්තර්ගත නිර්මාණකරුවෙකු, අන්තර්ජාලය පාදක කරගත් මාධ්‍යකරුවෙකු වෙන්නට ඕනෑ නම්, ලේසි ක්‍රමය ම හැම විට ම ගැලපෙන්නේ නැහැ.