Cotton Seed on Moon

සඳ මත කපු ඇටයක් පැළ කෙරේ

චීනය විසින් සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත මත ගොඩබස්වන ලද රෝවර් යානයේ කපු ඇටයක් ප්‍රරෝහණය කිරීමට චීන විද්‍යාඥයන් සමත් වී තිබේ. (කවරයේ ඡායාරූපය)

Sinhala Tamil English Translations and Content Writing

මෙය මිනිසා විසින් සඳ මත ජෛව විද්‍යාත්මක වර්ධනය සම්බන්ධයෙන් කරන ලද පළමු පරීක්ෂණය බව චීනයේ චොන්ක්වින් විශ්වවිද්‍යාලයේ උසස් තාක්ෂණ පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

මෙම වගාව කර තිබෙන්නේ පස්, ජලය හා වාතය සහිතව සීල් තබන ලද සෙන්ටිමීටර් 18ක විෂ්කම්භය ඇති බාල්දියක් අවකාශයක ය. මෙම අවකාශය තුළ අබ කපු ඇටවලට අමතරව, අබ පවුලේ කුඩා මල් පැළයක ඇට, අර්තාපල් බීජ, පලතුරු මැසි බිත්තර හා යීස්ට් ද තිබේ. කපු ඇටය හැර අනෙකුත් ජීව ද්‍රව්‍යවල වර්ධනයක් තවම පෙන්නුම් කර නැත.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැළෑටි ප්‍රරෝහණ පරීක්ෂණ කර තිබේ. එවැනි ශාක වගා දිගු කාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මිනිසාට අතිශය ප්‍රයෝජනවත් ය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාමාන්‍යයෙන් ගත කරන කාලය මාස හයක් වුවත්, අඟහරු බලා යන මිනිසකුට අවුරුද්දක පමණ කාලයක් අභ්‍යවකාශයේ ජීවත් වීම අවශ්‍ය ය.

2015දී මුල් වරට අභ්‍යවකාශයේ වගා කළ සලාද කොළ පරිභෝජනයට ගන්නා ලදී. 2021 වන විට බෝංචි වගා කිරීමට සැලසුම් කර තිබේ. අභ්‍යවකාශගාමීන් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ රික්ත අවකාශවල අසුරන ලද, කල් තබා ගත් ආහාර ය. අලුත් එළවළු, පලතුරු ආදිය අභ්‍යවකාශගාමීන්ගේ මානසික ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් වේ.

මානව අභ්‍යවකාශ තරණයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් චීන චන්ඊ-4 (Chang’e-4) යානය 2019 ජනවාරි 3 දින චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තට ගොඩබස්වන ලදී. ඒ පිළිබඳ විස්තර මෙතනින් >> 

චේන්ජ්-4 මගින් සඳ මත ධාවනය කරනු ලබන යුටූ-2 නම් රෝවරයේ චිත්‍රයක් පහත දැක්වේ.

චීනය විසින් සඳ වෙත යවන ලද චන්ඊ-4 යානයේ චිත්‍රයක් පහත දැක්වේ.

Chang'e-4