විඩාපත් මං වගේ – මල් බිසෝ වැන්නී – යුග දෙකක ගී දෙකක අසිරිය

ඊශා කප්පරගේ

යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි.

පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්.

https://www.youtube.com/watch?v=Et0gVPOlcis

දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි.

https://www.youtube.com/watch?v=EKkcO1PGtyc

ඒ සමානත්වය මූලිකව ම තිබෙන්නේ තනුවේ, සංගීතයේ හා ගායනයේයි. පද මාලාවන්ගේත් යම් සමානත්වයක් නැත්තෙ නැහැ. හැබැයි, මූලික ම සමානත්වය තියෙන්නේ ගී දෙකෙන් මවන රසයේ කියායි මට හිතෙන්නේ. හැබැයි මේ යුග දෙකක ගී දෙකක්. සමනල සංධ්වනියේ ගීයට සී.ටී. ප්‍රනාන්දුගේ ගීයෙන් ආභාසයක් ලැබෙන්නට නැතුව ඇති පැහැදිලිවම.

මුල් ගීයේ පද මෙසේයි:

සුනිල වරලස මුදන්නී

දෙදන දක්වා හෙලන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
 
උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී
කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
 
ලයෙහි රන්තුඩු දරන්නී
දෑතෙ ඇත්දල රකින්නී
උරසලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
 
ගායනය – සී.ටී.ප්‍රනාන්දු
ගී තනුව – ස්ටැන්ලි පීරිස්
ගී පද – කරුණාරත්න අබේසේකර

දෙවන ගීයේ පද මෙසේයි:

ගගන සරන්නට කියා
සිඳුණු අත්තටු හඬයි
දිරාපත් කොළ ති‍බේ
විඩාපත් මං වගේ //

කදෝ කිමි රුපු වගේ
රැයට ඉඩ දී යමී
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ///

සමනලුන් යන මගේ
සිහින විසිරී ගියේ
බිඳුණු සිත්ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ ///

පද රචනය: ජයන්ත චන්ද්‍රසිරි

සංගීතය: දර්ශන රුවන් දිසානායක

ගායනය: ඉන්දික රුවන්

Media and Social Entrepreneur