ලෝකයේ රටවල් එක්ක අප ආනයන අපනයන කරන හැටි

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව කියන්නෙ ලෝක වෙළඳපොළ තුළ පවතින, ඒ හා සම්බන්ධ, ලෝකයේ ම කොටසක් මිස හුදකලා දිවයිනක් නෙමෙයි. අප තවදුරටත් ස්වයංපෝෂිත ජාතියක් නෙමෙයි. අපි අපට වර්තමානයේ අත්‍යවශ්‍ය බොහෝ දේ ආනයනය කරනවා. නිදසුනක් ලෙස පෙට්‍රෝලියම් ඉන්ධන ආනයනය නොකළොත් අපේ සමාජ ජීවිතය දැවැන්ත පරිවර්තනයකට ලක් වේවි.

ආනයන කරන්නට නම්, අපි අපනයනයෙන් ඩොලර් ඉපැයිය යුතුයි. මේ වන විට නම් අපේ ප්‍ර‍ධාන විදේශ විනිමය ආදායම් මාර්ගය වන්නේ ශ්‍ර‍මය අපනයනයයි. අප කරන භාණ්ඩ හා සේවා අපනයනවලින් ලබන ආදායම ආනයන වියදමට වඩා ඩොලර් බිලියන 10ක් විතර අඩුයි. ඒත්, පහත දැක්වෙන්නේ අප විසින් විවිධ රටවලට සිදු කරන භාණ්ඩ හා සේවා අපනයනවල වටිනාකමයි. (දැන්වීමෙන් පසු දිගට ම කියවන්න)

Media and Social Entrepreneur

බ්‍රිතාන්‍යය – ඩොලර් බිලියන 1.03යි. වසර 2017ට සාපේක්ෂව 2018දී 5.15%ක පහතවැටීමක්. හේතුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හා සම්බන්ධ ප්‍ර‍ශ්න හා ස්ටර්ලිං පවුම දුර්වල වීම.

ජර්මනිය – ඩොලර් මිලියන 538.4 යි. 2017ට සාපේක්ෂව 13.73%ක වර්ධනයක්.

ඉතාලිය – ඩොලර් 538.4යි. 9%ක වර්ධනයක්.

නෙදර්ලන්තය – ඩොලර් මිලියන 220.4 යි. 16%කට වැඩි වර්ධනයක්.

බෙල්ජියම – ඩොලර් මිලියන 346.6යි. 4%ක පමණ වර්ධනයක්.

ප්‍රංශය – ඩොලර් මිලියන 190.11යි. 4%ක වර්ධනයක්.

සමස්තයක් ලෙස යුරෝපයට කරන ලද අපනයන ඩොලර් බිලියන 11.4යි. 2.47%ක වර්ධනයක්.

වැඩිම අපනයනයක් සිදුකෙරුණේ ඇමරිකා එක්සත් ජනපදයටයි. එය ඩොලර් බිලියන 2.9යි. එහි ද 6%ක පමණ වර්ධනයක්.

ඉන්දියාවට කරනු ලබන ඩොලර් මිලියන 767.6යි. 11%කට වැඩි වර්ධනයක්.

සමස්තයක් ලෙස දකුණු ආසියාවට කරනු ලබන අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.09යි. එහි ද 10%කට වැඩි වර්ධනයක්.

ශ්‍රී ලංකාව චීනයට කරනු ලබන අපනයන ඩොලර් මිලියන 430ක් පමණ වෙනවා.

ශ්‍රී ලංකාව අපනයනය සිදු කරන ප්‍ර‍ධාන රටවල් 10 මෙසේයි:

  1. ඇමරිකා එක්සත් ජනපදය
  2. බ්‍රිතාන්‍යය
  3. ඉන්දියාව
  4. ජර්මනිය
  5. ඉතාලිය
  6. චීනය
  7. බෙල්ජියම
  8. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  9. තුර්කිය
  10. සිංගප්පූරුව

ශ්‍රී ලංකාව ආනයන සිදු කරන ප්‍ර‍ධාන රටවල් 10 මෙසේයි:

  1. ඉන්දියාව
  2. චීනය
  3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  4. සිංගප්පූරුව
  5. ජපානය
  6. ඇමරිකා එක්සත් ජනපදය
  7. මැලේසියාව
  8. තායිලන්තය
  9. හොංකොං
  10. ජර්මනිය

ඉන්දියාවට අප කරනු ලබන අපනයන මෙන් හයගුණයක් පමණ අප ආනයනය කරනවා. චීනයට කරනු ලබන අපනයන මෙන් දහගුණයකට ආසන්න වටිනාකමකට අප එරටින් ආනයන සිදුකරනවා. ඇමරිකා එක්සත් ජනපදය අපට කරන අපනයන මෙන් තුන්ගුණයකටත් වඩා අපේ ආනයන මිළ දී ගන්නවා. එරට තමයි අපේ ලොකුම අපනයන වෙළඳපොළ.

වෙළඳපොළ සම්බන්ධකම් හුදු වෙළඳපොළට පමණක් සීමා වන්නේ නැහැ. වෙළඳපොළ හේතුවෙන් අපට ඇති වෙන සම්බන්ධකම් දේශපාලනයටත් අදාළ වෙනවා. දේශපාලනයේදී සිදු වන ජාත්‍යන්තර බලපෑම් පිළිබඳ අවධානය යොමු කරනකොට මේ වෙළඳ සම්බන්ධකම්වල ස්වභාවය ගැනත් අවධානය යොමු විය යුතුයි.

Sinhala Tamil English Translations and Content Writing