යුදඟනාව

Travel with Chandra

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ ‍බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයේ වැල්ලවාය –   ‍මොණරාගල මාර්ග‍යේ ‍වැල්ලවා‍‍යේ සිට කි.මී. 16ක් පමණ ගිය විට හමුවන යුදගනාව හන්දි‍‍යෙන් වමට ඇති මාර්ග‍‍‍‍‍‍‍‍යේ කි.මී. 1 ½ ක් ගිය විට දාගැබක් සහිත මෙම පැරණි විහාරය හමු වේ.

යුදඟනාව නම ඇති වී තිබෙන්නේ ක්‍රි.පු. දෙවන සියව‍‍‍‍‍‍‍සේදී දුටුගැමුණු සහ සද්ධාතිස්ස යන කුමරුන් දෙදෙනා මෙහිදී සටන් වැදුණු බවට ඇති විශ්වාසය මත ය. 12 වන සියවසේ දී මහාපරාක්‍රමබාහු රජු විසින් සිය මෑණියන් වු රත්නාවලී බිස‍‍ව‍‍ගේ භෂ්මා‍‍‍‍‍වශේෂ තැන්පත් ‍‍‍කොට ‍මෙ‍ම දාගැබ ඉදි කළ බවට ද මතයක් තිබේ.

මෙම දාගැබ ඌව පළා‍‍තේ පිහිටි විශාලතම පැරණි දාගැබ ‍‍ලෙස හඳුනා‍‍‍‍‍‍‍‍‍‍ගෙන ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලය නිශ්චිතවම හඳුනා ගැනීමට අපහසු ය. යුදඟනා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1000කට වැඩි ය.

දාගැබ අසල තිබෙන විහාරය නුවර යුගයට අයත් යයි සැලකේ.

කොටවෙ‍හෙර ආකෘතියට අනුව ඉදි වුණු බව සැල‍කෙන දැදිගම පිහිටි සූතිඝර ‍චෛත්‍යයත්, ‍‍පො‍ළොන්නරු‍වේ ‍‍දෙමළ මහා සෑයත්, යුදඟනාව ස්ථූපයත් ආකෘති‍‍යෙන් එක සමාන, ගඩොලින් කළ, සමකාලීන ඒවා බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම විහාරය අසල සුන්දර ජලාශයක් ද පිහිටා තිබේ.

මෙම ඡායාරූපය
Travel Sri Lanka ෆේස්බුක් පිටුවෙනි.

චන්ද්‍ර ජයසිංහ විසිනි