මුස්ලිම් ත්‍රස්තවාදය මර්දනය කළ යුත්තේ කෙසේ ද?

අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වන සෙසු පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඔවුන්ට නැවත නිවැරදිව සමාජගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්  ඊයේ මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේ ය. මෙහි වෙනත් පුද්ගලයන් යන්නෙන් ඔහු අදහස් කළේ ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධ නැති අයයි.

ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය වුවත්, එහි තිඹිරිගෙය ශ්‍රී ලංකා තව්හිද් ජමාත් ය. එම සංවිධානයත්, එයින් කැඩී ගිය සියලු කල්ලි කණ්ඩායමුත් ත්‍රස්තවාදී මතවාද තවමත් ව්‍යාප්ත කරන අයයි. මර්දනයට බියේ මේ වන විට බයිලා ගැසුවත් මුන් ඉතා විසකුරු සතුන් විශේෂයක් බව අමතක නොකළ යුතු ය. මේ වන විට ලක්ෂයක් පමණ පිරිසක් මොවුන්ගේ අනුගාමිකයන් වී සිටිති. මේ සියලු දෙනා පුනරුත්ථාපනය කළ යුතු ය. නායකයන් අනුකම්පා විරහිතව මර්දනය කළ යුතු ය. පොදු සමා කතා අදාළ නැත.

සම්ප්‍රදායික පල්ලියට එරෙහිව, අන්තවාදී මතවාද මත පදනම් වෙමින් හා සවුදියෙන් හා ලංකාවේ ධනවතුන්ගෙන් ලැබෙන සල්ලිවලින් පෝෂණය වූ මෙම අන්තවාදී කල්ලි මුස්ලිම් ප්‍රදේශවල පල්ලි ද අටවාගෙන තිබේ. ඔවුන්ගේ ඊනියා පල්ලි ලියාපදිංචි කර තිබෙන්නේ එම සංවිධානවල ශාඛා ලෙස මිස ආගමික ස්ථාන ලෙස නොවේ. එහෙත්, මේ ඇතැම් ඒවා ශබ්ද විකාශන සවි කරගෙන සම්ප්‍රදායික පල්ලි සමග තරගෙට අසාන් ද ගායනා කරයි. මේ සියලු ඊනියා පල්ලි වසා දැමිය යුතු ය. ඒවායේ පවත්වාගෙන යන අන්තවාදය පතුරුවන ඊනියා මද්‍රසා විනාශ කර දැමිය යුතු ය.

මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සියලු මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා හා වෙනත් දේශන පටිගත කර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පල්ලි භාරකරුවන්ට දැනුම් දී තිබේ. අන්තවාදය පැටව් ගැසුවේ මේවායේදී ය. විශේෂයෙන් ම තව්හිද් ජමාත් වැනි සංවිධානවල ඊනියා පල්ලිවල දේශනවල සිදු වුණේ මෙයයි. (මෙම කරුණ සෙසු ආගම්වලට ද අදාළ ය. ආගමික දේශන නාමයෙන් අන්තවාදය පතුරුවන පූජකයන් රැසක් වෙනත් ආගම්වල ද සිටිති.)

කවරයේ ඡයාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් උද්ඝෝෂණයකදී ළමා විවාහවලට පක්ෂව විවෘතව සටන් පාඨ ප්‍රදර්ශනය කළ අවස්ථාවකි.