මාධ්‍යවේදීන් වෙනුවෙන් හදිසි ආධාර අරමුදලක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ.

තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හා පෙනී සිටීම, ජනමාධ්‍යවේදීන්ගේ ශ්‍රම හිමිකම් උල්ලංඝනයන්හිදී නීතිඥ උපදෙස් ලබාගැනීම හා පෙනී සිටීම, ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිඥයන් පෙනී සිටීම ආදී කරුණු වෙනුවෙන් නීති ගාස්තු මෙම අරමුදලෙන් ලබාගත හැකි ය.

ඕනෑම මාධ්‍යයක සේවය කරන, සිය මූලික රැකියාව ජනමාධ්‍යවේදය වන කාර්ය මණ්ඩල හෝ පූර්ණකාලීන මාධ්‍යවේදීන්, කර්තෘ මණ්ඩල ජනමාධ්‍යවේදීන්, පූර්ණකාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් මෙම අරමුදලෙන් ආධාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලබති. ඒ වෙනුවෙන් ආධාර ඉල්ලා සිටින දිනට පෙර මාස හයක කාලයක් තුළ ජනමාධ්‍යවේදියකු ලෙස රැකියාව කර තිබිය යුතු ය.

මාධ්‍ය සංවිධාන නායකයන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නීතීඥයන්ගෙන් සමන්විත ස්වාධීන තක්සේරු කමිටුවක් විසින් ආධාර සඳහා අයදුම්පත් තක්සේරු කර ආධාර ලබා දෙනු ඇත.


සමබර සහ විශ්වාසනීය ප්‍රවෘත්ති සහ තොරතුරු වෙත පුරවැසියන්ගේ ප්‍රවේශය වර්ධනය කිරීම සහ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතාන්ත්‍රික පාලනය ශක්තිමත් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට සහාය ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (IREX), USAID ආයතනයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීමේ (MEND) වැඩසටහන මගින් මෙම අරමුදල ක්‍රියාත්මක කර තිබේ.   

වැඩිදුර විස්තර සඳහා විමසන්න:

ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය / MEND

15 A, 3 වන පටුමග, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය[email protected] | 0094 11 287 1688